සාධුකාරය
කායේන සංවරෝ සාධු
සාදු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ථ සංවරෝ
( සාධු යනු සා + උද්ධ හෙවත් සුචරිතයෙන් උසස් බවට පත් වු යන අදහසයි.)
ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිච්ඡාචාර යන කයින් කෙරෙන අකුසලයන්ගෙන් සංවර වී සුචරිතයෙන් උසස් වු බවටයි පළමු සාධුකාරය.
මුසාවාදා, පරුෂා වචා, පිසුණාවාචා, සම්පප්‍රලාපා යන වචනයෙන් කෙරෙන අකුසලයන්ගෙන් සංවර වී සුචරිතයෙන් උසස් වු බවටයි දෙවැනි සාධුකාරය.
අභිජ්ඣා, ව්‍යාපාද, මිත්‍යාදෘෂ්ඨි යන මනසින් කෙරෙන අකුසලයන්ගෙන් සංවර වී සුචරිතයෙන් උසස් වු බවටයි තෙවැනි සාධුකාරය.
මෙසේ දස අකුසලයෙන් ම සංවර වී සුචරිතයෙන් උසස් වු බවටයි සිව්වැනි සාධුකාරය.
නිවන අධිෂ්ඨාන කර ගැනීම
(වන්දනාමාන පුද පුජා ඇරඹීමට පෙර මේ අධිෂ්ඨාන වාක්‍යයන් කියවන්න )
අනන්ත ගුණැති සම්මා සම්බුදුපියාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ වු මහා ගුණස්කන්ධයේ ආනුභාවයෙන්ද
උතුම් වු ශ්‍රී සද්ධර්මරත්නයේ අනන්ත අප්‍රමාණ වු මහා ගුණස්කන්ධයේ ආනුභාවයෙන්ද
උතුම් වු මහා සංඝරත්නයේ අනන්ත අප්‍රමාණ වු මහා ගුණස්කන්ධයේ ආනුභාවයෙන්ද
මේ කියන්නා වු ත්‍රිවිධරත්නයේ අනන්ත අප්‍රමාණ වු මහා ගුණාශිර්වාද බල මහිමය හේතු කොට ගෙන අප සැමට තියෙන්නා වු සියලු දුක් කරදර දෝෂාන්ධකාර දුරු වේවා. සියලු ආකාර භය තැති ගැනීම්, දුක් දොම්නස් දුරු කරමින්, සියලු අමනුෂය භය, රෝග භය, දුර්භික්ෂ භය දුරු කරමින්, සියලු යහපතින් ජයග්රහණයෙන් අභිවෘද්ධියෙන් යුක්තව උතුම් වු නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා පහළ කෙරේවා.
අප පමණක් නොවෙයි දිව්‍යය, බ්‍රහ්ම, මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදි සතර වර්ගයක ඥාති හිත මිත්‍රාදි යම්තාක් අය ඇත්ද, එසේම් මේ පින් අනුමෝදන් වීමට බලාපොරොත්තු වන්නා වු යම්තාක් අය ඇත්ද, ඒ සියලු දෙනාද අප්‍රමාණ ලෝකවාසී සියලු සත්ත්වයන්ද මේ වන්දනාමාන පූජා සත්කාරයන් තම තමන් විසින් අතහිත දී ගනිමින් සිදු කරන්නා වු වන්දනාමාන පූජාවන් සේ සිහිකර ගනිත්වා.
අනන්ත සසර පටන් අපට උදව් උපකාර කළ දෙමව්පිය, ගුරුවරු, ඥාති, හිතමිත්‍රාදීන් කෙබඳු උපතක සිටියත් මේ වන්දනාමාන පුද පූජාවන්ගේ පුණ්‍ය ශක්තිය හේතු කොට ගෙන ඒ සියල්ලෝ සුවපත් වෙත්වා. ඒ අය කරන ලද්දා වු උදව් උපකාර වලට කෘතෝපකාර සැලකීමක් වෙත්වා. එපමණක් නොව අනන්ත සසර ගමනේදී අපගෙන් අවැඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වු ලෝක සත්ත්වයින් කිසියම් භවයක කිසියම් උපතක සිටීනම් මේ වන්දනාමාන පුද පූජාවන්ගේ පුණ්‍ය ශක්තිය විහිදී පැතිරී පිහිටා සුඛිත මුදිත වෙත්වා. කිසි කලෙකත් ඒ අයට දුගතියක් නොවෙත්වා. යහතින් අභිවෘද්ධියෙන් යුක්තව නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වෙත්වා. මෙසේ එම අවැඩට අසාධාරණයට වන්දි ගෙවා නිදහස් වෙත්වා.
අනන්ත සසර තුල අප විසින් කරන ලද යම් පාප ක්‍රියාවන් අකුසල ක්‍රියාවන් ඇත්නම් ඒ සියල්ල මේ පුණ්‍ය ශක්තිය හේතු කොට ගෙන දුරුවී, අප විසින් සසරේදී කරන ලද යම් පුණ්‍ය ක්‍රියාවන් කුසල ක්‍රියාවන් ඇත්නම් ඒවා මතු වී අවුත් අපට තිබෙන්නා වු සියලු දුක් කරදර හා දෝමනස්සයන් ද අපල උපද්‍රව හා රෝග භය අමනුස්ස භය ද යටපත් වී නිවන් සක්ෂාත් කර ගැනීමට හේතු වාසනා පහළ් කෙරෙත්වා.
නමස්කාරය
ඒ තුන් ලෝකාග්‍ර වු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වු සද්ධර්ම රත්නයට උතුම් වු සංඝ රත්නයට මාගේ මේ අග්‍ර වු ශ්‍රේෂ්ඨ වු නමස්කරාය වේවා!
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ලොව සියලු දේ විග්රහ කර දක්වමින් යථාර්ථය පෙන්වා දුන්නා වු ද, අවිද්‍යා අන්ධකාරයෙන් මිදෙන මග පෙන්වා දුන්නා වු ද, අවිද්‍යාවෙන් තණ්හාවෙන් හටගත් භවය උදුරා දැමු ශාසන මාර්ගයට නැමී කටයුතු කරමි.
තිසරණය
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්ම්ං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
( ලෞකික අදහස )
බුදුන් සරණ කොට යමි
දහම් සරණ කොට යමි
සඟුන් සරණ කොට යමි
( ලෝකෝත්තර අදහස )
භවය උදුරා හරිමින් සසර ගමන කෙළවර කරමි.
ධර්මය දරමින් සසර ගමන කෙළවර කරමි.
අවිද්‍යාව තණ්හාව බිද හරිමින් සසර ගමන කෙළවර කරමි.
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්ම්ං සරණං ගච්ඡාමි
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
දෙවනුව ද භවය උදුරා හරිමින් සසර ගමන කෙළවර කරමි.
දෙවනුව ධර්මය දරමින් සසර ගමන කෙළවර කරමි.
දෙවනුව ද අවිද්‍යාව තණ්හාව බිද හරිමින් සසර ගමන කෙළවර කරමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්ම්ං සරණං ගච්ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තෙවනුව ද භවය උදුරා හරිමින් සසර ගමන කෙළවර කරමි.
තෙවනුව ද ධර්මය දරමින් සසර ගමන කෙළවර කරමි
තෙවනුව ද අවිද්‍යාව තණ්හාව බිද හරිමින් සසර ගමන කෙළවර කරමි.
(තිසරණය තෙවරක් ආවර්ජනය කරන්නේ තේරැමක් සහිතවයි. තුනකින් උරැමය ලැබෙන නිසා තේ + උරැම = තේරැම වෙයි. එබැවින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ උරැමය ලැබීමට තෙවරක් ආවර්ජනය කරනු ලබයි. මෙය මනසේ ස්වභාවයක් නිසා සිදුවන එක්තරා නියමයකි. )
සුචරිත අධිෂ්ඨානය
(පංච ශික්ෂා පද සමාදන්ව රැකීමට නොහැකිව ඒවා කැඩීමෙන් ධර්මාවබෝධයට බාධා ඇතිවී ආණාවිතික්කමාවරණය යන බුදු අණ කැඩීමේ වරදට හසුවීමෙන් නිවන ආවරණය වන බැවින් මෙසේ සුචරිතය අධිෂ්ඨානය කර ගනිමු.)
මම සතුන් නොමරමි
සොරකම් කිසිත් නොකරමි
දුසිරිතෙන් දුරු වෙමි
බොරු බසින් මත්පැනින් වැළකෙමි
පන්සිල් සමාදන් වන අවස්ථාවකදී තමාට ආරක්ෂා කළ හැකි කාලසීමාවක් අධිෂ්ඨාන කරගෙන ඒ සිල් සමාදන්ව ආරක්ෂා කරගැනීම ඉතාම හොඳයි. ( පන්සිල් සහ පංච සික්ඛා පිළිබඳ විශේෂ සටහනක් මෙම පොතේ 25, 26, 27 යන පිටුවලට ඇතුලත් කර ඇත.
සුවිසි ගුණ තුළින් නිවන් දකිමු.
සුවිසි ගුණ තුළින් මාර බාධකවලින් තොරව සැනසිල්ලේ නිවන් දැකිය හැකි ආර්ය මාර්ගයක් පෙන්වා දී ඇත. මේ ගුණ පෙන්වා දී තියෙන්නේ කිය කියා පුද පුදා සිටීමට නොවේ. මේ තුළින් පෙන්වා ඇති ආර්ය මාර්ගය තේරැම් ගෙන ඊට අනුව පිළිපැද නිවන අත්කර ගැනීමටය. බුදු ගුණ තුළින් ආර්ය ප්‍රඥාවත්, දහම් ගුණ තුළින් සමාධියත්, සඟ ගුණ තුළින් සීලයත් සම්පුර්ණ වේ. අනන්ත සසරේ පටන්, පංචකාම සම්පත් පසුපස හඹා යන්නට පුරුදු වු ලෝක සත්ත්වයින්ට ආර්ය මාර්ගයේ උසස් ඵලයන්ට එකවරම ඇතුලු වීම දුෂ්කරය. අනුපූර්ව ප්‍රතිපදාවෙන් ගමන් කළොත් පහසුය. එබැවින් අනුත්තරං පුඤ්ඤඛෙත්තං ලෝකස්සාති යන විසි හතර වෙනි සඟ ගුණයේ සිට අනුපූර්ව ප්‍රතිපදාවෙන් ආර්ය මාර්ගය ආරම්භ කළ හැකිය. පංච කාමයන්ගෙන් පිරුණු සිත නැමැති මහා කැලයෙහි පුහු අහංකාර ගති නැමති ගස් වැල් සිඳ දමා, රාග, ද්වේශ, මෝහ යන තිරිසන් සතුන් පලවා හැර, කරුණා, මෛත්‍රී සිසිල් දිය දහරාවන් හරවා සකස් කරගත් කෙතක් සේ, ලෝක සත්ත්වයින්ට අග්‍ර ඵල නෙලා ගත හැකි අනුත්තරං පිං කෙතක් වී සුවිසි ගුණ තුලින් සීල, සමාධි, ප්‍රඥා වඩා ගත යුතුය.
නව අරහාදී බුදු ගුණ තුලින් බුදුන් දකිමු
අනන්ත වු බුදු ගුණ වචන කිහිපයකට සීම කල නොහැක. වචන වල අර්ථය තේරුම් ගැනීමට පමණක් පද කිහිපයකින් අර්ථ දැක්වීමක් කර ඇතත් බුදු ගුණ අනන්ත බව සිහි තබාගෙන වචන වෙන් කොට ශබ්ද කිරීමෙන් බුදු ගුණ ශාන්තිය සිරුර සැහැල්ලු කරමින් ඔබ සමවතට පත් කරනු ඇත.
1.ඉතිපි | – ඉෂ්ට වු ප්‍රිය වු ගුණ ලබා දෙන |
2.සෝ භගවා | – ඒ භග්‍යවතුන් වහන්සේ |
3.සම්මා සම්බුද්ධෝ | – අවිද්‍යා තෘෂ්ණාවන්ගෙන් මිදී අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා හටගත් භවය උදුරා දැමූ සේක |
4.විජ්ජාචරණ සම්පන්නෝ | – චතුරාර්ය සත්‍යය නැම්ති මහ විද්‍යාව අවබෝධ කරගෙන අසංවර පාප් චේතනා සියල්ල දුරු කිරීමෙන් ලැබූ සංවරයෙන් යුක්ත වු සේක |
5.සුගතෝ | – ආර්ය් අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට නිර්වාන ශාන්තියේ පිහිටි සේක |
6.ලෝකවිදු | – චතුරාර්ය සත්‍යය තුලින් ලෝකය විනිවිද දකින නුවණින් යුක්ත වු සේක |
7.අනුත්තරො පුරිසධම්ම සාරථී | – සසර ගමනට හේතු වන අවිද්‍යා තෘෂ්ණා සහගත අසංවර පාපී සියලු කටයුතු දුරු කල සේක |
8.සත්ථා දේව මනුස්සනං | – නිර්වාන ශාන්තියට පත්වීමට හේතු ඇති දෙව් මිනිසුන්ට ශාස්තෘභාවයෙන් පිහිට වු සේක |
9.බුද්ධෝ | – භවය උදුර දැමූ සේක |
10.භගවාතී | – සුගති, සතර අපා සහ මනුෂ්‍යය භවයන්හි උපතට හේතු වන ලෞකික දහම් වෙන් වෙන්වත්, නිවන් මර්ගය වෙන් වෙන්වත් දැකීමට සමත් වු සේක |
උතුම් සදහම් ගුණ තුලින් දහම් දකිමු
1.ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ | – ස්ව අකෘත හෙවත් තමන් වහන්සේගේ නිර්මාණයක් නොවු සියලු භාග්‍යවතුන් වහන්සේලාගේ ප්‍රඥාවට ගෝචර වු ධර්මයෙන් |
2.සන්දිට්ඨිකෝ | – කෙලෙසුන්ගෙන් කහට ගැන්වුණු ලෝභ, ද්වේශ, මෝහ සිත් වෙන් වෙන්වත් කෙලෙසුන්ගෙන් වෙන්වු ප්‍රභාස්වර සිත වෙනමත් දකින්නේය. |
3.අකාලිකෝ | – හටගැනීමක්, විපරිනාමයක්, වැනසීමක් නැති, කාල මිම්මෙන් මැනිය නොහැකි අකාලික වු නිවන දකින්නේය. ( කහල නැති නිසාත් අකාලිකය) |
4.ඒහිපස්සිකො | – අවිද්‍යා තෘෂ්ණා සහගත වැඩ පිළිවෙලෙහි නිසරැ බව දැකීම නිසා හේතු මතුවන තැනදීම පහවීම දකින්නේය. |
5.ඕපනයිකෝ | – සුගති දුගති අත් බැව්වල උපදින න්‍යාය දකින්නේය. ( පටිච්ච සමුප්පාද න්‍යායයි.) |
6.පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති | – දුකට හේතුවන ප්‍රත්‍ය බහා තබන ආකාරය විදර්ශනා නුවණින් දැන ගන්නේය. ( පටිච්ච සමුප්පාද නිරෝධ ක්රියවලියයි.) |
මහා සඟ ගුණයෙන් නිවන් දකිමු
1.සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ | – භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් නිවන පුර්ණය කර ගන්නා පිරිසක් වන්නෝය. |
2.උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ | – ඒ ශ්‍රාවක සංඝයා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන පිරිසක් වන්නෝය. |
3.ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ | – ඒ ශ්‍රාවක සංඝයා හේතු ඵල දහමට අනුව නුවණින් සිතා බලා ධර්මය සැක නැතිව දරන පිරිසක් වන්නෝය. |
4.සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ | – ඒ ශ්‍රාවක සංඝයා සද්ධර්මය පිළිබඳ සාමීචි කතා බහවල යෙදෙන පිරිසක් වන්නෝය. |
5.යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඪ පුරිස පුග්ගලා | – මාර්ග ඵල වශයෙන් සතර කොටසක් වු අෂ්ඪ ආර්ය පුද්ගලයන් වන. |
6.ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ | – ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. |
7.ආහුණෙයියෝ | – දහම් අරුත අසුවන න්‍යාය අවබෝධ කර ඇත්තේය. |
8.පාහුණෙයියෝ | – පහසුවෙන් දිවි ගෙවිය හැකි න්‍යායට අනුව ශාසනයට පෑහෙන්නට හැකි වන්නෝය. |
9.දක්ඛිණෙයියෝ | – සිවුපස දානයෙන් වටිනා ප්‍රයෝජන ගන්නා පිරිසක් වන්නෝය. |
10.අංජලිකරණීයෝ | – දස අකුසල් නැමති අංග දියකර හරින වැඩ පිලිවෙල සංකෙතවත් කරමින් වන්දනා කළ හැකි වන්නෝය. |
11.අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාතී | – රාගක්ඛය, ද්වේශක්ඛය, මෝහක්ඛය කර ලෝක සත්ත්වයාට අග්‍ර ඵල නෙලා ගත හැකි පිං කෙතක් වන්නේය. |
සදහම් අමා පැන් ලොවට විහිදුවාලු අප්‍රමාණ කරුණා ගුණයට කරන උපහාර පුජාව
කරුණා මෛත්‍රී සිසිල් ජලාශයන් ලොවට විද්යාමානකර විහිදුවා වදාළා වුද, නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය නැමති සදහම් අමා පානය ලොවට විද්යාමානකර විහිදුවා වදාළා වුද, සම්මා සම්බුදුපියාණන් වහන්සේලාගේ අනන්ත ගුණයට ගෞරව උපහාර පුජාවක් වශයෙන්ද, ඒ වගේම ඒ කරුණා මෛත්‍රී සිසිල් ජලාශයන්ද, නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය නැමති සදහම් අමා පානයන්ද, ලොවට විද්‍යාමාන කරමින් ගෙන එන මහා සංඝරත්නයේ අනන්ත ගුණයට ගෞරව උපහාර පුජාවක් වශයෙන්ද, සම්බුදුපියාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයට මේ සිසිල් පානයන්ගෙන්, ප්‍රණීත පානයන්ගෙන් මහා උපහාර පුජාවක් පුජා කරමි. පුජා වේවා.
සුගන්ධං සීතලං කප්පං – පසන්න මධුරං සුභං
පානීය මේතං භගවා – පතිඝං හාතු මුත්තමං
( සියලු බුද්ධ පුජා ගාථා තෙවරක් සජ්ජායනා කරන්න )
ආයුෂ, වර්ණ, සැප, බල, පටිභාන ඥානය ගෙන දෙන භෝජන පුජාව
ආයුෂ, වර්ණ, සැප, බල, පටිභාන ඥානය යන කරුණු කැටි කළා වන් මහා භෝජන පුජාවන් සම්මා සම්බුදුපියාණන් වහන්සේලා අග්‍ර කර මහා සංඝරත්නයේ ජීවමාන අනන්ත ගුණයන්ට ගෞරව උපහාර වශයෙන් පුජා කරමි. පුජා වේවා.
පළතුරු / කැවිලි / අවුල්පත් / කිරිපැණි ආදිය පුජා කිරීම
සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයට සියලු ආකාරයෙන් පුර්ණ වු උපනාමික පුජාවක් මෙසේ පුජා කරමි. පුජා වේවා.
අධිවාසේතු නෝ භන්තේ – භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ඖෂධීය සුගන්ධවත් දැහැත් පුජාව
අප්‍රමාණ ශ්‍රී මුඛ සුගන්ධවත් දහම් වදන්, ගුණ වදන් ලොවට විද්යමානකර විහිදුවා වදාළා වු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අප්‍රමාණ ශ්‍රී මුඛ සුගන්ධ ගුණයට ගෞරව උපහාර පුජාවක් වශයෙන් ද, ඒ වාගේම ඒ සුගන්ධවත් දහම් වදන් ගුණ වදන් ලොවට විද්‍යමාන කරමින් ගෙන එන මහා සංඝරත්නයේ අප්‍රමාණ මුඛ සුගන්ධ ගුණයට ගෞරව උපහාර පුජාවක් වශයෙන් ද සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයට මේ ඖෂධීය සුගන්ධවත් දැහැත් පුජාවන්ගෙන් මහා උපහාර පුජාවක් පුජා කරමි. පුජා වේවා.
නාගවල්ලී දලුපේතං – චුන්න පුග සමායුතං
තාංඹුලං පතිගණ්හාතු – සතං පුජේමි දං ජිනෝ
ඖෂධ පුජාව
ඒ වාගේම දහම් ඖෂධ ගුණ ඖෂධ ලොවට විද්‍යමාන කර විහිදුවා වදාළා වු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අප්‍රමාණ ඖෂධ ධර්මදාන ගුණයට උපහාර පුජාවක් වශයෙන් ද, ඒ වාගේම ඒ දහම් ඖෂධ ගුණ ඖෂධ ලොවට විද්‍යමාන කරමින් ගෙන එන මහා සංඝරත්නයේ අප්‍රමාණ ඖෂධ ධර්මදාන ගුණයට උපහාර පුජාවක් වශයෙන් ද සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයට අද මේ මහා ඖෂධ පුජාවන්ගෙන් මහා උපහාර පුජාවක් පුජා කරමි. පුජා වේවා.
අධිවාසේතු නෝ භන්තේ – භේසජ්ජං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
අට පිරිකර පුජාව
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමති නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මරත්නය ලොවට විද්‍යමාන කරමින් විහිදුවා වදාළා වුද, අෂ්ඨ ආර්ය පුද්ගල මහා සංඝ පරම්පරාවක් ලොව පහළ කර වදාළා වුද, සම්බුදු පියාණන් වහන්සේලාගේ අප්‍රමාණ ගුණයට ගෞරව උපහාර පුජාවක් වශයෙන් ද, ඒ වාගේම මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමති නව ලෝකෝත්තර ශ්‍රී සද්ධරම රත්නය ලොවට විද්‍යමාන කරමින් ගෙන එන්නා වුද, අෂ්ඨ ආර්ය පුද්ගල පරම්පරාවක් ලොව පවත්වාගෙන එන්නා වුද මහා සංඝ රත්නයේ අනන්ත ගුණයට ගෞරව උපහාර පුජා වශයෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා අග්‍රකර මහා සංඝරත්නයට මේ මහා අටපිරිකර පුජාවන්ගෙන් අග්‍ර මහා පුජාවක් පුජා කරමි. පුජා වේවා.
අධිවාසේතු නෝ භන්තේ
අට්ඨ පරික්කාරං පරිකප්පිතං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු මුත්තමං
මෙතෙක් පුජා නොකළා වු සියලු දේ එකවර පුජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ
සබ්බං සද්ධාය පුජිතං
අනුකම්පං උපාදාය
පතිගණ්හාතු මුත්තමං
චෛත්‍ය වන්දනාව
සම්බුදු පියාණන් වහන්සේගේ සහ මහ රහතුන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ ගුණ සිහිකිරීම සඳහා උන්වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිධන්කර තනවන ලද්දා වුද, එසේම ශාරීරික, පාරිභෝගික, උද්දේසික සියලු චෛත්‍ය එකවර වන්දනා කරමි.
වන්දාමි චේතියං සබ්බං – සබ්බඨානේ සු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං – බුද්ධ රූපං සකලං සදා
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම
උත්තරීතර ලොවුතුරා බුද්ධ රාජ්‍යය පහළ කිරීම සඳහා මහා උපනිශ්‍රය සම්පත් ගෙන දුන්නා වු ද, මහා සෙවනක් ගෙන දුන්නා වු ද, බුදු පියාණන් වහන්සේගේ අනන්ත පාරමිතා බලයෙන් ලොව පහළ වු ද, ලෝක සත්ත්වයින්ගේ පුජා ලබන්නා වු ද, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මම වන්දනා කරමි.
ශාස්තෲන් වහන්සේ කිසියම් බෝධි මුලයක ඉඳ සියලු ලෝක ධර්මතාවයන් යථාර්ථයෙන් දැක, ඒවා විජයග්‍රහණය කොට සර්වඥාතාඥානය අවබෝධ කර ගත්තේ ද, ඒ බෝධි පාදයට මම නමස්කාර කරමි.
යස්ස මුලේ නිසින්නෝව – සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤුතං සත්ථා – වන්දේතං බෝධිපාදපං
ලෝකනාථ වු බුදුපියානන් වහන්සේගේ උපහාර පුජාවට පාත්‍ර වු ඒ ශ්‍රේෂ්ඨ වු බෝධීන් වහන්සේට ඒ ආකරයෙන්ම මම ද නමස්කාර කරමි.
ඉමේ ඒතේ මහාබෝධී – ලෝක නාථේන පුජිතා
අහංපිතේ නමස්සාමී – බෝධි රාජා නමත්ථුතෙ
මුනීන්ද්රයන් වහන්සේ ඒ බෝධි මුලයෙහිදී සියලු මාර බල පරාජය කොට ජය ලැබු සේක. එයින් සතුටට පත් දේව සමුහයා මහත් සේ ජයඝෝෂා කරන්නට වුහ. ඒ සත්‍යය බලයෙන් සැමට යහපතක්ම වේවා.
ජයෝ මුනින්දස්ස සුබෝධි මුලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
වේදය හෙවත් විද්‍යවෙහි පරතෙරට පත් ඒ බුදුපියාණන් වහන්සේට කරන්නා වු නමස්කාරය හේතුවෙන් මට රැකවරණයක් වේවා. ඒ බුද්ධත්වයට ද බෝධියට ද මම නමස්කාර කරමි. ඒ බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් විමුක්ති මාර්ගයට අනුව මම කටයුතු කරමි.
යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
සීල ගුණය වඩන මල් පුජාව
සීල වර්ණයෙන් ද, සීල සුගන්ධයෙන් ද, සීල ගුණයෙන් ද යුක්තව රාග, ද්වේශ, මෝහ යන අකුසල් හෙවත් පහත් දේවල් සුන් කර දැමු චිත්ත සන්තානයෙන් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද නැමති සීල ස්කන්ධය සරසමි. පංච කාමය නැමති මල් පා පෑගෙන දුවිල්ලක් සේ ඔබ වහන්සේ පා මුල දමමි.
වණ්ණගන්ධ ගුණෝපේතං – ඒතං කුසුම සන්තතිං
පුජයාමි මුනින්දස්ස – සිරිපාද සරෝරුහේ
( කු + සුං = කුසුම්. ‘කු’ යනු දස අකුසලයයි. ‘සුං’ යනු සුංකර දැමු යන අදහසයි )
ලස්සන සුවඳ මුදු පහස සුවය දෙන ඒ මල් කඩා දැමීමෙන් බිඟු පහස නොලැබ මල් සහ ගස් වැල් පරපුරක් හට ගැනීමට ඇති හේතු නැති වන්නා සේ සිත, කය, වදන සංවර කර ගැනීමෙන් කාම භවයක් හට ගැනීමට ඇති හේතු නැති වී යාමෙන් ද, මේ මල් මැලවී යන්නා සේ මේ ශරීරය ද විනාශ වී යන්නේ ය යන විදර්ශනා ඥානය පහළ කර ගැනීමෙන් ද කරනු ලබන මේ මල් පුජාවෙන් ලැබෙන්නා වු පිනෙන් මට නිවන් සුව අත්වේවා.
පුජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාශ භාවං
සමාධිය වඩන හඳුන්කූරු පුජාව
සුචරිත ගුණයෙන් අවංක වු ද, දහම් සුවඳින් සුවඳවත් වු ද, දහම් ගුණ සුවඳ විහිදෙන්නා වු ද, අවිද්‍යා තෘෂ්ණා සහගත සිතිවිලි, ක්‍රියා, වදන් අලු බවට පත් කරමින් භව ගමන කෙටි වන අයුරු දකිමින් ලෝභ, ද්වේශ, මෝහ ගිනි නිවී යමින් සිත සමාධි ගතව නිවනේ ශාන්තිය ප්රත්යක්ෂ කර ගැනීමට උපමා කර පෙන්වු මේ හඳුන්කූරු පුජාවෙන් තථාගතයන් වහන්සේ වෙත ප්‍රතිපත්තියෙන් පුජා කරමි.
සුගන්ධි කාය වදනං – අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනාහං ගන්ධේන – පුජයාමි තථාගතං
ප්‍රඥාව වඩන පහන් ආලෝක පුජාව
කර්ම ශක්තිය නැමති තෙල් ඇති තාක් දැල්වෙන, ජීවිතය නැමති පහන් දැල්ල, අඛන්ඩ හේතු ඵල ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිස සත්‍ය වශයෙන් නොපවතින මායා දර්ශනයක් වන්නා සේ, දහම් නොදැන මමය මාගේය යන ආත්ම දෘෂ්ටියෙන් අල්ලා ගත් ඒ අවිද්‍යා අන්ධකාරය, කපුරු මිශ්‍ර තෙලෙන් හටගන්නා වු පහන් ආලෝකයෙන් එළිය කරන්නා සේ තුන් ලෝකයම විද්‍යා ලෝකයෙන් දීප්තිමත් කළා වු සම්මා සම්බුදුපියාණන් වහන්සේට මම මේ ප්‍රඥා ආලෝකයෙන් පුජා කරමි.
ඝන සාරප්ප දිත්තේන – දීපේන තම දන්සිනා
තිලෝක දීපං සම්බුද්ධං – පුජයාමි තමෝනුදං
ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව
වන්ද්රමි චේතියං සබ්බං – සබ්බඨානේසු පතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධිං -බුද්ධ රූපං සකලංසද්ර
ශ්‍රී දළදා වහන්සේ වැඳීම
ලෝකේක නාථ වදනම්බුජ රාජ හංසං – වේනෙය්‍ය කො මුදවනං කිරජෝතයං තං
අද්ධින්දුකාර වර රූප විරාජ මානං -තං දන්ත ධාතු මමලං සිරසා නමාමි
( ලෝකනාථයාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයට රාජ හංසයෙකු වැනි වු විනය ජන නැමැති කුමුදු වනයට සඳ කැන් බඳු වු අඩ සඳවන් උතුම් රූප සටහනින් බබලන්නා වු ජින දන්ත ධාතූන්වහන්සේ මනාකොට වන්දනා කරමි. )
සිරිපා වැඳීම
යන්නම්මදාය නදියා පුලිනේච තිරේ – යං සච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං -තං පාද ලාඤඡන මහං සිරසා නමාමි
( නර්මදා නදියෙහි වාලුකා තීරයෙහි වු යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද? සච්ච බද්ධ පර්වතයෙහි යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද? සමන්ත කූට පර්වතයෙහි යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද? යෝනක පුරයෙහි යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද? ඒ සැම මම මස්තකයෙන් නමස්කාර කරමි.)
සොළොස්මස්ථාන වන්දනාව
මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාඤ්ඡනං දිවාගුහං දීඝවාපී චේතියං ච මුතියංගණං
තිස්සමහා විහාරංච බෝධීං මරිචවට්ටියං සුවණ්ණමාලී මහා චේතියං ථුපාරාම භයාගිරිං
ජේතවනං සේල චේතියං තථාකාචර ගාමකං ඒතේ සොළසඨානානි අහං වන්දාමි සබ්බදා
( මහියංගණය, නාගදීපය, කැලණිය, ශ්‍රී පාද ලාංඡනය, දිවා ගුහාව, දීඝවාපී චෛත්‍ය, මුතියංගණය, තිස්සමහවෙහෙර, ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලිසෑය, ඵුපාරාමය, අභයගිරිය, ජේතවනය, සේලචෛත්ය, කිරිවෙහෙරය සොළොස්මස්ථානයන් හැම කල්හි මම නමස්කාර කරමි. )
සියලු තන්හි තන්හි පිහිටි ත්‍රිවිධ චෛත්‍ය වැඳීම
බුද්ධං ධම්මංච සංඝං සුගත තනුභවා ධාතුයෝ ධාතුගබ් හෙ
ලංකායං ජම්බුදිපේ තිදස පුරවරයේ නාගලෝකේච ථුපේ
සබ්බේ බුද්ධස්ස බිම්බේ සකල දසදිසේ කේස ලෝමාදී ධාතුං
වන්දේ සබ්බේපි බුද්ධං දසබල තනුජං බෝධි චේත්‍යං නමාමි
(බුදුන්, දහම්, සඟුන්, බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් උපන් ධාතූන් ද, ලක්දිවත්, දඹදිවත්, දෙව් පුරයෙහිත්, නාලොවෙහිත් ඇති ස්තූප ද බුදුරජාණන් වහන්සේගේ සියලුම, පිළිමද,සියලු දස දිසාවන් හි කේස ධාතු, ලෝම ධාතු ආදී ධාතූන් ද යන සියල්ල වදිමි බුදුන් වහන්සේගේ, දශබලධාරී වහන්සේගේ සිරුරින් පහළ වු ධාතූන් තැන්පත් කරවන ලද චෛත්යන්ද, බොධින්ද, මම නමස්කාර කරමි.)
බෝධින් වහන්සේට පහන් පිදිම
සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පුජේමි බෝධි රාජානං – දිපේනේතේන සාදරං
( ධර්ම රාජයාණන් වු බුදුරජාණන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වු බෝධීරාජයාණන් වහන්සේට මේ පහන් ආදර ගෞරවයෙන් පුජා කරමි පුජා වේවා .)
මල් පිදීම
සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පුජේමි බෝධි රාජානං – පුප්පේනේතේන සාදරං
( ධර්ම රාජයාණන් වු භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වු බෝධීරාජයාණන් වහන්සේට මේ මල් ආදර ගෞරවයෙන් පුජා කරමි පුජා වේවා .)
පැන් පිදීම
සේවිතං මුණිරාජේන – පත්තුං සම්බෝධි මුත්තමං
පුජේමි බෝධි රාජානං – උදකේනේතේන සාදරං
( ධර්ම රාජයාණන් වු භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වු බෝධීරාජයාණන් වහන්සේට මේ පැන් ආදර ගෞරවයෙන් පුජා කරමි පුජා වේවා .)
ගිලන්පස පිදීම
මුනින් දස්සපි සම්බුද්ධෝ – පත්තුං සම්බෝධි මුත්තමං
පුජේමි බෝධි රාජානං – ගිලානපච්චයාදිමං
(ධර්ම රාජයාණන් වු භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වු බෝධීරාජයාණන් වහන්සේට මේ ගිලන්පස ආදර ගෞරවයෙන් පුජා කරමි පුජා වේවා. )
සුවඳ දුම්
සේවිතං බුද්ධ සෙට්ඨෙන – පත්තුං සම්බෝධි මුත්තමං
පුජේමි බෝධි රාජානං – ධුපේනේතේන සාරදං
( ධර්ම රාජයාණන් වු භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ විසින් සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස සේවනය කරන ලද්දා වු බෝධීරාජයාණන් වහන්සේට මේ සුවඳ දුම් ආදර ගෞරවයෙන් පුජා කරමි පුජා වේවා. )
පිරිකර පුජාව (වෙනත් පුජා භාණ්ඩ පුජා කිරීම )
සමස්ථං අප්පකාරංපි – කරණේ විපුලප්ඵලං
පරික්ඛාරේන පුජේමි – අචින්තෙය්‍ය ගුණං ජිනං
කොඩි පුජාව
බුද්ධා දිච්චං මහා වීරං – ධම්මරාජ මහා මුනිං
ධජ ධජාය පුජේමි – මහේසිං කරුණාධරං
බෝධි වන්දනා කිරීම
සේවිතං ධම්ම රාජේන – නර දේවේහි පුජිතං
වන්දාමි බෝධිරාජානං – නිබ්බාන සුඛ දායකං
( ධර්මරාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වු බොහෝ දෙව් මිනිසුන් විසින් පුදනු ලබන්නාවු වඳින පුදන ජනයාට නිවන් සුවය ගෙන දෙන්නාවු ධර්මරාජයාණන් වහන්සේ වඳිමි. )
ඉන්ද්‍ර නීල වණ්ණ පත්ත – සේත ඛන්ධ භාසුරං
සත්ථු නෙත්ත පංකජාභි – පුජිතග්ග සාතදං
අග්ගබෝධි නාමවාම දේවරුක්ඛ සණ්ණිභං
තං විසාල බෝධිපාදපං නමාමි සබ්බද්ර
සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමදිට්ඨිත දක්ඛිණ සාඛභවං
සුභ මේඝවනම්බර මේඝනිභං -ජය බෝධිමහං පනමාමි වරං
ප්‍රාර්ථනා ගාථා
ඉමිනා පුඤ්ඤකම්මේන – මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු – යාව නිබ්බාන පත්තියා
ඉමිනා පුඤ්ඤකම්මේන – මුත්තෝ සංසාර දුක්ඛතෝ
මොක්ඛභාගී භවිස්සාහං – මෙත්තෙය්‍ය ජින සාසනේ
ත්‍රිවිධ රත්නය කමාකරවා ගැනීම
කායේන වාචා චිත්තේන – පමාදේන මයා කතං
අච්චයං ඛම මෙ භන්තේ – භූරීපඤ්ඤ තථාගත
කායේන වාචා චිත්තේන – පමාදේන මයා කතං
අච්චයං ඛම මෙ ධම්ම – සන්දිට්ඨික අකාලික
කායේන වාචා චිත්තේන – පමාදේන මයා කතං
අච්චයං ඛම මෙ සංඝ – පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර
මා විසින් සිතින් කයින් වචනයෙන් නොදැනුවත් කමින් යම් පමා වරදක් සිදුකරන ලද්දේ නම් උතුම් බුදුරජාණන් වහන්සේගෙන් මට සමාව ලැබේවා උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. උතුම් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයෙන් මට සමාව ලැබේවා.
ප්‍රතිපත්ති පුජාවෙන් බුදුන් පිදීම
ඉමාය ධම්මනු ධම්ම පටිපත්තියා බුද්ධං පුජේමි.
ඉමාය ධම්මනු ධම්ම පටිපත්තියා ධම්මං පුජේමි.
ඉමාය ධම්මනු ධම්ම පටිපත්තියා සංඝං පුජේමි.
අද්ධා ඉමායා පටිපත්තියා ජාති ජරා මරණම්හා පරිමුඤ්චිස්සාමි.
කරණීය මත්ථ සුත්‍රය
කරණීයමෙත්ථ කුසලේනයංතං සන්තං පදං අභිසමෙච්ච |
– ඒ ශාන්ත පද නම් වු නිවනට පත් වීමට රාග, ද්වේශ, මෝහ සලා හැරීම හෙවත් ක්ෂය කිරීම කෙසේ කළ යුතුද? ( “කු ” යන පහත් දේවල් සලාහැරීම කුසල්ය. ) |
සක්කෝ උජූච සූජූචසුවචෝ චස්ස මුදු අනතිමානි |
– සකස් වු වැඩ පිළිවෙලක් යටතේ අවංකවත්, නිවන මුලිකවත්, සුව ගෙන දෙන වචනවලින් සහ මෘදු බවින් යුක්තවත්, අතිමානයෙන් තොරවත් ක්‍රියා කළ් යුතුය. |
සන්තුස්සකෝ ච සුභරෝචඅප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති |
– නිවන් මග දැක සතුටු සිතින් ධර්මයට අනුකූල වු දේ පමණක් දරමින් රාග, ද්වේශ, මෝහ නිසා සිදුකරන අසීමිත කටයුතු අතහැර, නිවන සඳහා උපකාර වන්නා වු අල්ප වු ක්‍රියාවන් හි පමණක් යෙදෙමින් පාප ධර්ම සලාහරින්නා වු සැහැල්ලු කටයුතුවල පමණක් නිරත විය යුතුය. |
සන්තින්ද්‍රියෝ ච නිපකෝචඅප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ |
– ඉන්ද්‍රීය භාවනාවෙන් සන්සුන් කරන ලද ඉඳුරන් ඇතිව, මතු අත්භවයක් ගොඩනගන්නා වු කටයුතුවල නොයෙදෙමින්, ධර්මයට අනුකූලව නිවනට අවශ්‍ය වු අල්ප දෙයක්ම ගැබ්කර ගනිමින් ලෝකයට අනුකූල කටයුතුවලින් නික්මී සිටිය යුතුය. |
නච බුද්ධං සමාචරේ කිඤ්චියේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං |
– පෙර බුදුවරුන් පෙන්වා දෙන ලද සතර අපාගත වන්නා වු අසමාචාර ක්‍රියාවන්ගෙන් වෙන් විය යුතුය. |
සුඛිනෝවා ඛේමිනෝ හොන්තුසබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා |
– මේ සියලු සත්ත්වයෝ සතර අපා දුක් කෙළවර සුවය ඇත්තා වු ද, භයෙන් තොර වු ද, ක්ෂේමය හෙවත් නිවනට පත් වෙත්වා. |
යේ කේචි පාණ භූතත්ථිතසා වා ථාවරා වා අනවසේසා |
– පංච කාමයන් පානය කරන බැවින් ප්‍රාණීන් වු ද, එහි ඵලය භුක්ති විඳිමින් බොරුවෙන් ගොඩනැගීම නිසා භූත වු ද පංච කාමයන්ගෙන් නොඅඩුව සතුටට පත් වෙමින් ඇලෙමින් කටයුතු කරන යම් කෙනෙකුගේ. |
දීඝා වා යේ මහන්තා වාමජ්ඣිමා රස්ස කාණුකථූලා |
– සසර ගමන දිගය. ඒ නිසාම ඔවුහු සසර ගමන මහත් සේ අල්ලා ගනිති. සසර ඔවුන්ගේ මාධ්‍යය හෙවත් ගමන් මග වන බැවින් ඔවුන්ගේ නුවණ මොට වී ශුද්‍ර බවට පත්වී පංච කාමයන් පසුපස යමින් තැවි තැවී සිටින්නේය. |
දිට්ඨා වා යේව අද්දිට්ඨායේච දූරේ වසන්ති අවිදුරේ |
– මුලාවෙන් දෘෂ්ටිගත වීම නිසා මිත්‍යාදෘෂ්ටික වුද, ඒ නිසාම නිවන් මාර්ගය නොපෙනෙන්නා වුද, නිවන දුරස් වු ද ඔවුහු අවිද්‍යා අන්ධකාරයේ වාසය කරන්නෝය. |
භූතා වා සම්භවේසීවාසබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා |
– බොරුවෙන් හටගත් නිසා භූතයන් වු ද භවය සමග එකතු වී වාසය කරන්නා වු ද සියලු ලෝක සත්ත්වයන් හට නිවන් සුවයේ අර්ථය වැටහේවා. |
නපරෝ පරං නිකුබ්බේථනාති මඤ්ඤේත කත්ථ චිනං කඤ්චි |
– එකෙක් තවකෙකු රාග, ද්වේශ, මෝහ ක්‍රියාවන්ට ඇද දමන්නා වු කුබ්බැහිකම් හෙවත් පහත් ක්‍රියාවන් නොකරත්වා. ඔවුනොවුනට අවැඩ නොකරත්වා. |
බ්‍යාරෝසනා පටිග සංඥාඤාඤ්ඥ මඤ්ඥස්ස දුක්ක මිච්චෙයිය |
– රොස් බව හෙවත් කෝපයෙන් ගැටුම් ඇතිකොට කෙනෙක් තවකෙකු දුකට පත් කිරීමට කැමති නොවෙත්වා. |
මාතා යථා නියං පුත්තංආයුසා ඒක පුත්ත මනුරක්ඛේ |
– අමා මෑණියන් වහන්සේ තම එකම පුත්‍රයා වන රහතන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් අනුරක්ෂණය කළ සේක. |
ඒවම්පි සබ්බ භූතේසුමානසං භාවයේ අපරිමාණං |
– එසේම භවයෙහි සැරිසරන මුලා වු සත්ත්වයින් හට ඒ අප්‍රමාණ වු මානසංභාවයේ හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රැකවරණය වේවා. |
මෙත්තං ච සබ්බ ලෝකස්මිංමානසං භවයේ අපරිමාණං |
– සියලු ලෝක සත්ත්වයින් හට ඒ අප්‍රමාණ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රැකවරණය වේවා යනුවෙන් මෙත් වැඩිය යුතුය. |
උද්ධං අධෝ ච තිරියඤ්චඅසම්බාධං අවේරං අස පත්තං |
– සියලු ලෝක සත්ත්වයින් හට ඒ අප්‍රමාණ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රැකවරණය වේවා යනුවෙන් මෙත් වැඩිය යුතුය. |
තිට්ඨං චරං නිසින්නෝවාසයානෝවා යාවතස්ස විගත මිද්ධෝ |
– සියලු ලෝක සත්ත්වයින් හට ඒ අප්‍රමාණ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රැකවරණය වේවා යනුවෙන් මෙත් වැඩිය යුතුය. |
ඒතං සතිං අධිට්ඨෙය්යබ්රහ්ම මේතං විහාරං ඉධමාහු |
– උඩ යට වට කිසිවෙකුගෙන් කිසිම සම්බාධකයක් නොවේවා. වෛරයක් නොවේවා. සාපයක් නොවේවා. |
දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ |
– සිටගෙන, ඇවිදිමින්, ඉඳගෙන, සයනයෙහි වැතිරගෙන යන සතර ඉරියව් තුළ මමත්වයෙන් මිදී ( ම + ඉද්ධ = මිද්ධ ) චතුරාර්ය සත්‍යය තුළ සිත පිහිටුවාගෙන බුදු පියාණන් වහන්සේලා වාසය කළා වු බ්‍රහ්ම විහරණයෙන් වාසය කළ යුතුය. |
කාමේසු විනෙය්ය ගෙධංනහි ජාතු ගේධං ගබ්භ සෙය්යං පුණරේතීතී |
– මුලා සහගත වු දෘෂ්ටියකට පත් නොවී, ආර්ය වු සීල ගුණයෙන් යුක්තව සද්ධර්මය දර්ශනය කොට කාමයන් නැමති මඩෙන් වෙන්වුයේ නම් නැවත නැවතත් ගර්භා වාසයක නො ඉපදෙනු ඇත. |
පින් අනුමෝදන් කිරීම
උතුම් වු ත්‍රිවිධ රත්නයේ අනන්ත අප්‍රමාණ වු මහා ගුණස්කන්ධයන් සිහි කරමින් ද, උතුම් වු සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩමින්ද සිදු කළා වු මේ වන්දනාමාන පුද පුජාවන් හේතු කොට ගෙන උදාවුනා වු මහා පුණ්‍යස්කන්ධය සතර වරිගයක ඥාතීන් ද, දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය අමනුෂ්‍ය කියන්නා වු සියලු ලෝක සත්ත්වයෝ ද අනුමෝදන් වෙත්වා.
මේ කරනු ලබන්නා වු ශාසන ආශිර්වාදයන් ඒ අය වෙත විහිදී,පැතිරී, පිහිටා සුඛිත මුදිත වෙත්වා. කිසි කලෙකත් දුගතියක් නොවෙත්වා. යහපතක් අභිවෘද්ධියක් ම වෙත්වා. නිවන් ශාක්ෂාත් කරගැනීමට හේතු වාසනා වෙත්වා.
එත්තාවතාච අම්හේහි
සම්භතං පුඤ්ඤසම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි
සම්භතං පුඤ්ඤසම්පදං
සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි
සම්භතං පුඤ්ඤසම්පදං
සබ්බේ සත්තා අනුමෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා
එත්තාවතාච අම්හේහි
සම්භතං පුඤ්ඤසම්පදං
සබ්බේ ඥාති පේතා අනුමෝදන්තු
සබ්බේ ඥාති මිත්තා අනුමෝදන්තු
සබ්බ සම්පත්ති සිද්ධියා
මියගිය ඥාතීන්ට පින් දීම
ඉදංමේ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදංඕ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ
ඉදංඕ ඥාතීනං හෝතු
සුඛිතා හොන්තු ඥාතයෝ
ප්‍රාර්ථනාව
මේ වන්දනාමාන පූජාවන්ගේ අනන්ත වු පුණ්‍ය බලය හේතු කොට ගෙන සසර වසනා තුරු මට අසත් පුරුෂ ඇසුරක් නොවේවා. නිවනට පත්වීම සදහා සත් පුරුෂ ඇසුරක්ම වේවා.
ඉමිනා පුඤ්ඤ කම්මේන
මා මේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා
එසේම මේ පුණ්‍ය ශක්තිය හේතු කොට ගෙන සියලු ආශ්‍රවයන් දුරු වේවා. සියලු දුකින් මිදෙත්වා.
ඉදං මේ පුඤ්ඤං
ආසවක්ඛයා වහං හෝතු
සබ්බ දුක්ඛා පමුච්චතු
පංච සීලය යනු කුමක්ද?
සීල ගුණ විග්රහ කිරීමට පෙර පංච දුශ්චරිත
Leave a Reply