මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම හදන — විද්‍යාවන්ට තැනක් දෙන්න හෝ හේතුවාදීන් හෙවත් භෞතිකවාදීන් කියල කියන පිරිසට පහර ගහන්න හෝ නෙවෙයි. හුදෙක්ම නූතන ජනසමාජය මිත්‍යා දෘෂ්ටියෙන් ගලවගෙන කර්මඵල අදහන පිරිසක් බවට පත් කරන, කවදාවත් වෙනස් නොවන, එදත් අදත් හෙටත් එක සේ ගලපන්න පුළුවන් විද්‍යාව පෙන්වා දීල ලෞකික සම්මා දිට්ඨියේ පිහිට වීමේ අදහසින්.
මොකද අද වෙන කොට සමාජයේ බොහෝ පිරිසක් ඇහැට → රූප, කනට → ශබ්ද, නාසයට → ගඳ සුවඳ, දිවට → රස, ශරීරයට → ස්පර්ශ කියන මේ පංචේන්ද්‍රියට ගෝචර දේවල් මත පමණක් පදනම් වෙලා තීරණ අරගෙන මං මුලා වෙලා සසරේ අතරමං වෙලා අනාත වෙලා ඉන්නවා.
හැබැයි එහෙම අනාත වෙලා ඉන්නවයි කියන කාරණය ඒ අය නම් පිළිගන්නේ නැහැ. මොකද ඒ අයගෙ දෘෂ්ටිය නිසා මේ කියන අනාත බව ඒ අයට ගෝචර වෙන්නෙත් නෑ.
ඒ නිසා මේ උත්සාහය, ඒ අනාත තත්වයෙන් මිදිල “නා” තත්වයට පත්වෙන්න මග පෙන්වූ ලොව්තුරා බුදු දහම හැකි අයුරින් සනාථ කිරීමයි.
ඒ නිසා මෙතනදි මූලිකවම ඉහත කී ඇස, කන … ආදී පංචේන්ද්‍රියන්ගෙන් ඔබ්බට ගිහින් මනස ගැනත් හිතන්න බලන්න වෙනවා. සමහර භෞතිකවාදීන්ගේ මත මොන තරම් අවිද්‍යා සහගතද කියන කාරණය පෙන්වන්න ඉදිරිපත් කෙරෙන පිලි පෙළක් තමයි මේ.
භෞතිකවාදීන්ගේ මත
ගස් ගල් වලට, මැටි පිළිම වලට වඳින්නෙ පුදන්නෙ මෝඩයෝ, ගෝත්‍රිකයෝ! මැටි පිළිම බත් කනවද? අපරාදේ මෙච්චර මිනිස්සු කන්න නැතිව දුක් විඳිද්දි පූජාවලට කියල ආහාර නිකං විසි කරනවා. හාමුදුරුවන්ට දානය දුන්නයි කියලා වැඩක් නෑ, ඒ අය රටට ලෝකයට කරන දෙයක් නෑ …
ඒ අයට ඕන තරම් කන්න බොන්න ලැබෙනවා. අර අව්වේ කලු ගල් කඩ කඩා කුලී වැඩ කරන මිනිස්සුන්ට කන්න වේලක් දුන්න නම් ඔයිට වඩා හොඳයි, ඒ අය මොනවා හරි කරනවා! එක්කෝ කන්න නැති හිඟන්නන්ට දෙන්න ඕන …
දෙවියෝ කියලා කොටසක් නෑ, අපායක් කියලා වෙනම තැනක් නෑ. ඕවා ඔක්කොම තියෙන්නේ මේ මිහිපිට. මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි, නැවත ඉපදීමක් කියල දෙයක් නෑ. ඒ නිසා හොඳට කාල බීල මැරෙන්න ඕනා. පිං කරනවා කියල දෙයක් නෑ …
ලෝකේ හැමෝටම මනුස්සයො වශයෙන් සම්පත් සමානව ලැබෙන්න ඕනා. දුක්පත් පොහොසත් කියලා බේදයක් තියෙන්න බෑ …
කේන්දර, සාස්තර, වාස්තු බලනවා කියන්නේ මෝඩ වැඩ, ඒවායේ කිසිම සත්‍යයක් නෑ. පිරිත්වලින් ලෙඩ සනීප කරන්න බෑ, රටක් දියුණු කරන්න බෑ!
~භෞතිකවාදියා
අද සමාජවාදය (Socialism), කොමියුනිස්ට්වාදය (Communism), භෞතිකවාදය (Materialism) කරපින්නගෙන ඉන්න සමහර අයගෙන් පිටවන අදහස් කිහිපයක් තමයි ඔය උඩ තියෙන්නේ. මේ අදහස් අතර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට අයිති අදහසුත් තියෙනවා. මේ වගේ අය සමහරවිට විවිධ දේශපාලන පක්ෂ, සංවිධාන විදිහට පෙනී ඉන්නත් පුළුවන්. දැන් ඉතින් මේ අය කියන මේ කාරණා ඇත්තද කියලා එකින් එක ව්ද්‍යානුකූලව විමසුම් ඇසින් බලන්න ඕනා.
Modern Science. The Flaws
5 Against 6
අද මේ භෞතිකවාදීන් කියන අය බොහෝ කොටම නවීන විද්‍යාව මත පදනම් වෙලා තමයි ඒ අයගේ මත ඉදිරිපත් කරන්නේ. අද නවීන විද්‍යාව තීරණ ගන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන මගින්. ඒ සඳහා පාදක කර ගන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් සහ ඒ පංචේන්ද්‍රියන් උපයෝගී කරගෙන ගොඩනගා ගත් උපකරණ. නමුත් අද නවීන විද්‍යාව පරීක්ෂණ කරලා යමක් හොයාගන්න උත්සහා කරන්නෙත්, ලෝකයේ තියෙන සියල්ල පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන නිසා. ඒක තමයි පංචේන්ද්‍රියන්ගේ තියෙන අඩුව, දෝසය.
ඒ දෝසය මග හරවා ගන්න පරීක්ෂණ කරනවා. ඒකෙන් පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන යම් යම් දේවල් අහුවුණත් ඒ පරීක්ෂණ, නිරීක්ෂණ සහ නිගමන සිදුකරන්නෙත් මේ දෝස සහිත වූ පංචේන්ද්රියන්ගෙන්මයි.
තවත් විදිහකට කිව්වොත්, දෝස සහිත දේවල්වල දෝස තියේද කියලා සනාථ කරගන්න, දෝස සහගත දේවල් වලින්ම සකස් කරපු උපකරණ භාවිතා කරල දෝස සහිත ඉන්ද්‍රියන්ගෙන්ම නිගමනය කරනවා.
ඒ නිසා මේක කොච්චර දුරට විද්‍යාවක්ද අවිද්යාවක්ද කියන කාරණය හිතලා බලන්න.
Sublevel vs. Omega
සැබෑ විද්‍යාවක් නම් ඒකේ දෝස තියෙන්න බෑ! හැමදාටම එක සේ ගැළපෙන්න ඕනා.
නමුත් අද නවීන විද්‍යාව, ඊයෙ එකක් කියලා අද තව එකක් කියනවා. හෙට තවත් එකක් කියනවා. භෞතිකවාදීන් හිතනවා වගේ ඒක දියුණුව නෙවෙයි!
උදාහරණයක් විදිහට මුල් කාලේ පරමානුව බිඳින්න බෑ කිව්වා. නමුත් තවත් කාලයක් පරීක්ෂණ කරන කොට පරමානුවත් බිඳින්න පුළුවන් කියලා හොයා ගත්තා.
සාමාන්‍ය ජනයාට වඩාත් සමීප උදාහරණයක් ගත්තොත්, පොල් තෙල්වල කොලෙස්ටරෝල් තියෙනවා කියල නවීන සම්මත විද්‍යාවෙන් කියපු නිසා මිනිස්සු බොහෝමයක් එළවළු තෙල් භාවිතයට පෙළඹුණා. නමුත් වසර ගණනාවක් ගිය තැන, අද නැවත කියනවා පොල් තෙල්වලින් නෙවෙයි, එළවළු තෙල්වලින් තමයි කොලෙස්ටරෝල් ඇතිවෙන්නේ කියලා. 🙆
ඒ වගේම එදා ඒ විද්‍යා කියමන අහල එළවළු තෙල් කෑමෙන් කොලෙස්ටරෝල් රෝගය හදාගත් අයට, ඔය මත ඉදිරිපත් කරන අය දැන් මොනවද කියන්නේ? ඒකෙන් ඇතිවෙන්නේ කොලෙස්ටරෝල් විතරක් ද?
කොලෙස්ටරෝල් ඇතිවීම මගින් නහර අව්හිර වෙන්නත්, ලේ ගමනය අඩාල වෙන්නත්, හදවත් රෝග ඇති වෙන්නත්, මොළයට ලේ සැපයීම අඩාල වෙන්නත්, ඒ මගින් අංශභාග රෝගය, කෝමා තත්වය ඇති වෙන්නත්, පිළිකා තත්වයන් හා තවත් රෝග බොහෝමයක් ඇති වෙන්නත් පුළුවන්.
😷 මේ පිළිබඳව ඔවුන්ගේ පසුතැවීමක් වත් තියෙනව ද? ඔවුන් කරන්නේ ඒ රෝගවලට මුල හොයාගන්නේ නැතිව, ඒකේ ප්රථිපළවලට තවත් බෙහෙතක් හදලා දෙන එක. එතකොට ඉංග්‍රීසි වෙදකමේදි බෙහෙත් කරන්නේ ඵලයට. නමුත් හෙළ වෙදකමේදි බෙහෙත් කරන්නේ මූලයට හෙවත් හේතුවට.
මොකද ඉංග්‍රීසි වෙදකමේදි පංචේන්ද්‍රියන්ට ගෝචර වන ක්‍රමවේද විතරයි අනුගමනය කරන්නෙ. පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන ගුප්ත පැත්ත ගැන බලන්නේ නෑ!
Known vs. Unknown
අනෙක මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම ඇහැට කනට පේන්නේ නෑ, ඇහෙන්නෙ නෑ කියන කාරණය දැන් තියෙන නවීන විද්යාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මනුස්සයෙක්ගෙ කනට ඇහෙන ශබ්ද සංඛ්‍යාත පරාසය 20—20,000 Hertz අතර කියලා හොයාගන තියෙනවා.
ඒ කියන්නේ 20ට අඩු ඒවත්, 20,000ට වැඩි ඒවත් මනුස්සයින්ගෙ මස් ලේ කනට ඇහෙන්නෙ නෑ. නමුත් බල්ලන්ට 20,000 Hertz වලට වඩා වැඩි ශබ්දත් ඇහෙනවා. ඒ නිසාම තමයි විවිධ අපරාධවල අභිරහස් හොයා ගන සුන්ඛයන්ගේ සහාය ලබාගන්නේ. පසු ගිය කාලයේ සුනාමි විපත් එන කොට මනුස්සයින්ට බේරෙන්න බැරි වුණත්, නිදැල්ලෙ හිටපු සත්තු බේරිලා පලා ගියෙත් ඒ අනතුරේ සංඥාව උන්ට වේලාසනින් දැනුන නිසා කියන කාරණය අද සම්මත විද්‍යාවත් පිළිගන්න දෙයක්.
දැන් අපේ කනට ඇහෙන්නේ නෑ කියලා, මේ කියන භෞතිකවාදීන් ඒ කාරණය පිලිගන්නේ නැත්ද?
ඒ වගේම දැන් තියෙන බ්ලුටූත් (Bluetooth) තාක්ෂණය ගත්තොත්, එක ජංගම දුරකතනයකින් තවත් ජංගම දුරකතනයකට රැහැන්වලින් තොරව විවිධ පිංතූර ඇතුළු වීඩියෝ දර්ශන පවා යවන්න පුළුවන්. හැබැයි ඒ දත්ත ගමන් කිරීම අපේ ඇහැට පේන්නේ නෑ, කනට ඇහෙන්නෙත් නෑ. නමුත් එක ජංගම දුරකතනයක තිබිච්ච ඒ දත්ත කිසිම වෙනසක් නැතිව අනෙකට ගියා කියන කාරණය පරීක්ෂා කරල බලද්දි ඇස් දෙකටම පේනවා.
දැන් එතකොට එහෙම දෙයක් යනවා ඇස් දෙකට පේන්නේ නෑ කියලා, මේ කියන භෞතිකවාදීන් ඒ කාරණය පිළිනොගෙන ඉන්නවද? නැහැ!
යනවා නොපෙනුනාට, ගියාට පස්සේ තිරය මත දර්ශනය වෙන නිසා පිළි ගන්නවා. හැබැයි මීට අවුරුදු 40—50 කට පෙර කිව්ව නම්, ඉදිරියේදි මෙන්න මෙහෙම තාක්ෂණයක් එනවා කියල ඒක එදා කවුරුවත් පිළිගන්නේ නෑ. ඒ කෙනාට පිස්සු, මෝඩයි කියල හිතයි. මොකද එදා එහෙම දෙයක් ගැන ඔප්පු කරන්න මස් ලේ ඇහැට කනට ගෝචර වන දත්ත තිබුනේ නෑ. නමුත් එදා නොපිළිගත්ත දේ අද ඔප්පු වෙලා තියෙන නිසා පිළිගන්නවා.
ගුප්ත ලෝකය = REAL
ඉතින් මේ වගේ ඇහැට කනට පේන්නේ නැති පලියට, ඇහෙන්නේ නැති පලියට එහෙම දේවල් නෑ කියන්නේ කොහොම ද? මේ කියන භෞතිකවාදීන් ඒ වගේ ගුප්ත ලෝකයේ දේවල් පේන්නේ නැති නිසා, ඇහෙන්නෙ නැති නිසා ඒවා තමන්ට පේන්නේ නෑ, ඇහෙන්නේ නෑ කිව්ව නම් ඒ කතාව සාධාරණයි …
නමුත් යමක් නොපෙනිච්ච පලියට, නෑහිච්ච පලියට එහෙම දේවල් නෑ කියන්නේ කොහොම ද?
තමන්ට දැනෙන කොටස විතරක් පිළි අරගෙන, නොදැනෙන කොටස නෑ කියන එක මොනතරම් මෝඩකමක් ද?
මේ වගේ එදා වැඩ හිටපු ලොව්තුරා බුදුන් වහන්සේ, අභිඤ්ඤාලාභී මහ රහතන් වහන්සේලා හා තවත් විවිධ දිවැස් ලාභීන්, මේ ලෝකයේ මනුස්සයින්ගේ පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන දේවල් උන් වහන්සේලාගේ දිවැස්, දිවකන්, මහා ඥානවලින් දැකලා ලෝකයට පෙන්වා දුන්නා.
ඒ දිවැස්, දිවකන්, ඥාන ලබා ගන්න ක්‍රමයක් තිබිච්ච නිසාත්,
ඒ ක්‍රමය උන් වහන්සේලා ලෝකයට කියා දුන්න නිසාත්,
ඒ ක්‍රමය අනුගමනය කරලා කලින් එහෙම හැකියාවක් නොතිබිච්ච අය පසුව ඒ හැකියාවන් ලබා ගත්තා.
ඒ හැකියාවන් තුළින් එහෙම නොපෙනෙන දේවල් තියෙයි කියන කාරණය ඔප්පු කළා.
ඒ කියන්නේ සාමාන්‍ය තත්ව යටතේ ගුප්ත ලෝකයේ දේවල් නොපෙනුනාට, ඒ ක්‍රමවේද ප්‍රගුණ කිරීම තුළින් අනෙක් අයටත් තම තමන්ගේ මට්ටම්වලින් ඒ හැකියාව ලබා ගන්න පුළුවන්. නමුත් ඒ වගේ හැකියාවක් නැති අය, හැකියාව තියෙන අයට පිස්සු කියලා කිව්වොත්, ඒ කියන අයගේ මොළය පරීක්ෂා කරල බලන්න වෙනවා.
Mindspace. The Holy Grail.
මොකද මේ පංචේන්ද්‍රියන්ට වඩා හයවන ඉන්ද්රිය වන මනේන්ද්‍රියේ ශක්තිය, බලය අති ප්‍රබලයි! ඒ කාරණය අද වෛද්‍ය විද්‍යාව පවා පිළි අරගෙන තියෙනවා. නමුත් ඒක ප්‍රගුණ කරලා ඒ හැකියාවන් ලබා ගත්තු අය අද දුර්ලභ නිසයි, මේ වගේ භෞතිකවාදීන්ට තමන්ගේ මත වපුරවන්න පහසුවෙන් ඉඩ ප්‍රස්ථාව ලැබිලා තියෙන්නේ.
ඉතින් මේ වගේ භෞතිකවාදීන් අද විතරක් නෙවෙයි, බුදුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් හිටියා. නමුත් එදා නිවැරදිව කරුණු පෙන්වල දුන්නම, හේතු වාසනා තිබිච්ච ඒ සමහර පිරිස් පසුව ධර්මාවබෝධයත් ලැබුවා. සසරෙ කරපු මොනව හරි හේතු වාසනා යටපත් වෙලා තියෙන අයට එහෙම අවස්ථා ලැබෙන්න පුළුවන්.
නමුත් ඒකටත් ඉතින් හරි දහම මතු වෙලා ඒක විග්රහ කරල දෙන්න පුළුවන් අය ඉන්න ඕනා. එහෙම නැත්නම් දෙවියන් බඹුන් නැති තැන අමනුස්සයෝ පිනුම් ගහනවා වගේ වැඩක් තමයි වෙන්නේ.
එතකොට මේ භෞතිකවාදීන් කියන්නේ මොන වගේ විද්‍යාවක්ද? මේ “විද්‍යාව” කියල ගන්න “අවිද්‍යාව” මත පදනම් වෙලා, ඔවුනුත් මුලා වෙලා අනික් අයත් මුලා කරනවා. මේක සාධාරණ ද?
මේ කාරණය මස් ලේ ඇහින් නෙවෙයි, මනසින්ම විමසා බලන්න ඕනා. ඔවුන්ට මේ නවීන විද්‍යාව කියලා ගන්න දේ මගින් මුළු මහත් ලෝකයටම සිද්ධ වෙන විනාසය පේන්නේ නෑ. ඔවුන්ට පේන්නේ ත්‍රිපිටකය වගේ පැරණි ඉගැන්වීම් වල තියෙන, ඔවුන්ට විග්රහ කරගන්න බැරි දේවල් විතරයි! ඒකට හේතුව තමයි,
- ඒවා පංචේන්ද්‍රියන්ට ගෝචර නොවීමත්,
- ඒවා ලෝකයේ කොහේ හරි තැනක විද්‍යාගාරවල පරීක්ෂණ කරලා හෙළිදරව් කරපු ඒවා නොවීමත්,
- බටහිර ජාතීන් ඊට මැදිහත් නොවීමත් කියන කාරණා.
පොල්තෙල් පිළිබඳවත් සඳහන් කරලා තියෙන නිසා ඒ ගැනත් යම් විමසා බැලීමක් කිරීම හොඳයි …
Time Loop. The Beginning.
අග්ගඤ්ඤ සූත්‍රයේ මේ සඳහා පාදක වන කරුණු මනාව පැහැදිලි කරලා තියෙනවා. වාසෙට්ඨ කියන බ්‍රාහ්මණයා මූලික කරගෙන තමයි බුදුන් වහන්සේ මේ පැහැදිලි කිරීම කළේ.
කල්ප ආර්ම්භයේදි ආභස්සර බ්‍රහ්ම ලෝකයේ පටන් මේ ලෝකයට බ්‍රහ්ම කල්පික මනුස්සයින් එනකොට ඔවුන්ට කිසිම බාහිර දෙයක අවශ්‍යතාවයක් තිබුනේ නෑ. ඒ කියන්නේ තමන්ගෙන්ම විහිදෙන ආලෝකයත්, ප්‍රීතිය ආහාරයක් ලෙසත්, කිසිවෙකුගෙන් උදව්වක් නැතිව සෘජුව හිටීමේ හැකියාවක් තිබුණා.
එදා ඔවුන් සතුව ඇස් තිබුනෙ දකින්න විතරයි.
කන් තිබුනෙ අහන්න විතරයි.
නාසය තිබුනෙ හුස්මගන්න විතරයි — ගඳ සුවඳ විඳින්න නෙවෙයි.
කට තිබුනේ කතා කරන්න විතරයි — කන්න නෙවෙයි.
ඒවා පවත්වාගෙන යන්න ශරීරයකුත් තිබුණා. නමුත් ඔවුන්ගේ තිබිච්ච රස තණ්හාව මතු වෙලා පොළවේ තියෙන කිරි යොදය ආහාරයට ගන්න පෙළඹුනා.
දැන් මේ පහත විස්තරය ඒ විදිහටම අග්ගඤ්ඤ සූත්‍රයේ නැතත්, ඒ ධර්මානුකූල විග්‍රහය නැණ නුවණින් තේරුම් අරගෙන පොල් ගහේ බිහිවීම මේ විදිහට පහදන්න පුළුවන්.
පොල් ගහේ බිහිවීම
ඇහැට, කනට, විතරක් ලොල් වෙලා හිටපු මනුස්සයෝ ඒ කිරි යොදය ගැනීමෙන් පසුව නාසයට, දිවට, ශරීරයටත් ලොල් වීමෙන්, ඒ කියන්නේ පහටම ලොල් වීමෙන් තමන් ළඟ තිබිච්ච ඒ සුද්ධ ගති හෙවත් සෘජු ගතිය, ස්වයං ප්‍රභා ආලෝකය, ආරක්ෂාව අහිමි කරගත්තා. හිරු සඳු ග්‍රහ තාරකා නොතිබුණු ලෝකයට ඒවා පහල වුණා. මේ පහටම ලොල් වීම නිසා, පහට ලොල් නොවූ ගතිය අපෙන් දුරස් වෙලා, පහලොල් කියන පොල් ගස බිහිවුණා.
ඒක කල්ප ආරම්භයේදි සිද්ධවෙච්ච නිසා කල්ප ආරම්භ රුක හෙවත් සිතූ පැතූ සම්පත් දෙන කප් රුක කියලත් හඳුන්වනවා. ඒ අහිමි වෙච්ච සෘජු ගතියට ගහ කෙලින් පිහිටලා, අහිමි වෙච්ච ආලෝකය ලබාගන්න පොල්තෙල් ගැබ් වෙලා, අහිමි වෙච්ච ආරක්ෂාවට පොල් අතුත්, ආහාරයට පොල් මදයත්, බීමට පොල් වතුරත් සහ තවත් බොහෝ සම්පත් දෙන මේ පොල් ගහ අපට විපතක් කරනව කියන්නේ කොහොමද?
ඉතින් මේ ගුණය දැන්ගෙන හිටපු පැරැන්නන් හැම ආහාරයකම විස නසන්න පොල් කිරි භාවිතා කළා. ලංදේසි, ඉංග්‍රීසි කාලෙදි සිංහලයන්ව අඩපණ කරන්න දෙල් ගෙනාවම, අපේ පැරැන්නන් ඒකට පොල් එකතු කරලා විස නසලා ආහාරයට ගත් බවට ඉතිහාසය සාක්ෂි දරනවා. මේ කියන්නේ අපේ තිබිච්ච සිංහල දෙල් ගැන නෙවෙයි, දැනට වෙළඳපොලේ පවා බහුලව තියෙන රට දෙල් ගැන.
ඒ දෙල් තම්බල කනවා, ව්‍යංජන විදිහටත් හදනවා. ඒක පිටරටින් හඳුන්වාදීපු දෙල් වර්ගයක්. ඒක අපේ රටේ අයට විතරක් නෙවෙයි ඒ රටවල්වල අයටත් හොඳ නෑ. ඒවා නිකං ආහාරයට ගත්තම ශරීර ශක්තිය අඩපණ වෙනවා. පිටරැටියන් ඒවා මෙහේ ගෙනත් දැම්මේ මෙහේ මිනිස්සු අඩපණ කරන්න.
ඒ අය හිතාගෙන හිටියේ අපේ අය ඒක නිකං ආහාරයට ගනියි කියලා. හැබැයි ඒ අය දැනගෙන හිටියේ නෑ ලංකාවේ මිනිස්සු ඒ ගැන දන්න බව. අපේ රටේ අය තමයි ඒක නිකං කෑවොත් අගුණයි, පොල් එක්ක කෑවොත් ගුණයි කියල හොයාගත්තේ.
ඒ නිසා අපේ පැරැන්නො දෙල්වලට පොල් එකතු කරල ආහාරයට ගත්තා. පොල් එක්ක ගත්තම ශක්තිය වැඩියි, අගුණක් නෑ. ව්‍යංජන හැඩුවත් පොල් කිරි දානවා. එහෙම නැත්නම් පොල් තෙල් දාලා තෙම්පරාදු කරනවා. එහෙමත් නැත්නම් පොල් දාලා දෙල් මැල්ලුම් විදිහට හදනවා. කෙනෙකුට වසක් විසක් කැවුනත් ඒක ඉවත් කරන්න පොල් කිරි දෙන සිරිතක් අදත් තියෙනවා.
හැබැයි මේ විග්රහයන් එක පැත්තකින් චාර්ල්ස් ඩාවින්ගේ (Charles Darwin) පරිණාමවාදයටත් (Theory of Evolution) විරුද්ධයි, මහා පිපුරුම් නියමයටත් විරුද්ධයි. නමුත් සිද්ධවුනේ මේකයි.
මේ විදිහට මනුස්සයින්ගෙන් දුරස් වෙච්ච ඒ ඒ ගුණයන්ට අදාළ ශක්ති විශේෂයන්ගෙන් ලෝකයේ විවිධ ශාක වර්ග හට ගත්ත හැටි ඉදිරියේදි කියන්නම්.
එතකොට මේ කාරණා පැරැන්නන් විද්‍යාගාරවල පරීක්ෂා කරලා හොයා ගත්තු ඒවා නෙවෙයි. ඔවුන් මනස දියුණු කරල බලා ගත්තු දේවල්. ඒ නිසා මේක එදත් අදත් හෙටත් වෙනස් නොවන ධර්මතාවයක්. ඒ කියන්නේ විද්‍යාවේ මූලික ලක්ෂණය වන තුන් කාලයේම නොවෙනස් වන බව අපේ පැරැන්නන්ගේ සොය ගැනීම්වල තියෙනවා.
ධ්‍යාන Beats X
අග්ගඤ්ඤ සූත්‍රයේ තවත් දේවල් සඳහන් වෙනවා. ඒ තමයි මනස දියුණු කළ, එහෙම නැත්නම් ධ්‍යාන උපදවා ගත් උතුමන් විසින්, ධ්‍යාන නැති පිරිස් වෙත ඒ ධ්‍යාන මගින් ලබා ගත් දැනුම අපනයනය කළ නිසා අධ්‍යාපනය බිහි වුණා කියන කාරණය. ඒ කියන්නෙ ධ්‍යායී පිරිස් ඇද්යයී පිරිස් වෙත දැනුම අපනයනය කිරීම මගින් අධ්‍ය + අපනයනය හෙවත් අධ්‍යාපනය බිහිවුණා.
ඉතිං අදටත් සිද්ධවෙන්නේ ඒකම නෙවෙයිද? අද වෙනකොට ඉන්න අතලොස්සක් පමණ ධ්‍යාන ලාභීන් සහ පරීක්ෂණ කරල යම් යම් දේ සොයාගන්න අය කරන්නෙත් තමන්ගේ දැනුම අපනයන කිරීම, අනුන්ට ලබා දීම.
අද ලෝකයේ බිහිවෙලා ඉන්න විද්‍යාඥයින් කරපු සොය ගැනීම් දිහා බැලුවම පේන්නේ, ඒවා විද්‍යාගාරවල පමණක් කළා නම් කිසිදාක ඒවා විද්‍යාත්මක සොයාගැනීම් වෙන්න ඉඩ නැති බව.
මොකද ලෝකයේ බොහෝ ප්රමුඛ විද්‍යාත්මක සොයගැනීම් අහඹු ලෙස සිද්ධ වෙලා තියෙන්නේ. විද්‍යාගාරවල සොයා ගත්තත් ඒවා මුලින්ම සිද්ධ කරන්නේ මනස මූලික කරගෙන. ඒ කියන්නෙ විද්‍යාගාරයට කලින්, මනසින් ඒ පරීක්ෂණ හෝ උපකල්පනය කරනවා. ආසන්නයට කල්පනා කරනවා.
නමුත් ධ්‍යාන ලාභීන් කරන්නේ මනස දියුණු කරලා හේතුඵල දැකීම.
උදාහරණ විදිහට වා, පිත්, සෙම් … අරළු, බුළු, නෙල්ලි … කියන මේවායේ හේතුඵල පැහැදිලි කරන්න පුළුවන්. ලෝකය හටගත් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් ඖෂධ ශාක විදිහට තිබුණේ අරළු, බුළු සහ නෙල්ලි කියන ඒවා. අදටත් ආයුර්වේදයේ එන ප්‍රධානතම ඖෂධ 3ක් තමයි මේ.
මේ ලෝකය හටගත් මුල් කාලයේ දස අකුසල්වලින් තොරව ජීවත්වෙච්ච මනුස්ස පිරිසක් ගැනත්, ඔවුන් ක්‍රමයෙන් පිරිහිලා, අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි ආදිය හැදුනා.
දස අකුසල් වලින් තොර වුණාම දූෂ්‍යතාවයක් නෑ. එතකොට ලෙඩ රෝගවලට මුලක් නෑ. හැබැයි මෙතන අකුසල් වලින් තොරයි කිව්වට, ඒවා ප්‍රහීණ කරලා නෑ — නැත්තටම නැති කරලා නෑ. ඒ කියන්නේ අනුශය සහිතයි. ඒවා යටපත් වෙලා තිබුණ විතරයි. මොකද ප්‍රහීණ කළා කියන්නේ ආපහු මතුවීමක් නැහැ.
ඒ තමයි අරිහතුන් වහන්සේගේ ස්වභාවය.
හැබැයි යටපත් වෙලා තිබුනම ඒවට අවශ්‍ය පරිසර සාධක ගොඩ නැගිච්ච මොහොතකදි ඒවා ආපහු නැගිලා එන්න පුළුවන්. එහෙම ආවට පස්සේ දස අකුසල් එක්කම ලෙඩ රෝගවලට මුල් වුණා, දස අකුසල් ඉවත දැම්මා, සාර ධර්ම ඉවත් කළා. හරවත් දේ ඉවත දැම්මා.
හරය කියන්නේ සාර ධර්මවලට. හරය ඉවත ලූ නිස ඊට අදාළ ශක්තිය පිට වෙලා ගිහින් හර + ලූ — අරළු කියන ශාකය හැදුණා. හැබයි ඉවත් වුණාට විනාස වුණේ නැති නිසා ඒක ගිහින් වෙනත් විදිහකට තැන්පත් වුණා. අරළු වල තියෙන්නේ ඒ විදිහට ඉවත් වෙච්ච ශක්තිය.
මේවා ලෝකයේ සත්‍යය යථාර්ථය දත් ශ්‍රමණ බමුණන්ගේ නුවණට හසු වන දේවල්. ඒ හැකියාව පංචේන්ද්‍රියන් ඉක්මවල මනස දියුණු කර ගත්තම ලැබෙන දෙයක්. ඒ අනුව මේ ගස් වැල්, පොළව, ජල ගෝලය, සතුන් … සියල්ල හැදිලා තියෙන්නේ හේතුවලට අනුකූල ඵල විදිහට.
ඒ නිසා මේ හැම දෙයකින්ම අපට මෙලොව වශයෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ජීවක වෙද මහත්තයා ශිෂ්‍යයෙක් වෙලා හිටපු කාලයේ, තමන්ගේ ගුරුවරයා බෙහෙතකට නොගන්න දෙයක් ගේන්න කියල කිව්වම, කැලේ පීරල බැලුවත් බේතකට ගන්නේ නැති දෙයක් සොයාගන්න බැරි වුණා. ඒකෙන් කියන්නේ, මේ සියල්ලෙන්ම අපට ප්‍රජෝජනයක් ගන්න පුළුවන් බව සහ ඒවා අපේම තිබිච්ච ගුණ දහම්වල ප්‍රතිනිර්මාණයන් බව.
ඒ වගේම මේකෙ විශෙෂත්වය තමයි, මේවා හැදිලා තියෙන්නේ ස්වභාවිකව වීම. ඒකට අපි ස්වභාව ධර්මය කියල කියනව, ඒ කියන්නේ ස්ව — තමන්ගේ බව — දරන නිසා ස්වභාව ධර්මය කියල කියනවා. සාමන්‍යයෙන් ස්වභාවිකව සකස්වන දේවල් වල අතුරු ආබාධ නෑ. ඒක අද අපි භාවිතා කරන නවීන විද්‍යාවත් පිළි අරගෙන තියෙන තියෙනවා.
නමුත් පරීක්ෂණාගාරවල සකස් කරන දේවල් තුළ බොහෝකොටම අතුරු ආබාධ තියෙනවා. එදා අතීතයේ ගොයමට පොහොර විදිහට දැම්මෙ ගොම පොහොර. ඒක ස්වභාවිකයි. අතුරු ආබාධ නෑ. ගොයමින් ගත්තු සහල් ආහාරයට ගැනීමෙන් අද වගේ ලෙඩ රෝග වැළදුනේ නෑ. නමුත් අද පරීක්ෂණාගාරවල නවීන විද්‍යාව මත පදනම් වෙලා සකස් කරන පොහොරවලින් කොච්චර අතුරු ආබාධ හැදෙනවද?
ඒ හේතුවෙන් අද වක්කඩක එක මාළු පැටියෙක්වත් හොයාගන්න බැරි මට්ටමට පත්වෙලා. නමුත් අද ලෝකයා විස්වාස කරන්නේ පරීක්ෂණාගාරවල කරපු පරීක්ෂණ පමණක් වීම් කණගාටුවට කරුණකි.
මෙතනදි ස්වභාවිකත්වල ගැන මෙච්චර උළුප්පලා පෙන්වන්න හේතු වුණේ, බුදුන් වහන්සේ පෙන්වා දුන් ඉතා වැදගත් නියමයක් මතු කරලා දෙන්න.
ඒ තමයි ගති ආකර්ෂණය
මේක ගුරුත්වාකර්ෂණ නියමයටත් (Law of Gravity) එහා ගිය ගඹුරු නියමයක්. ඒ කියන්නේ සියල්ල ගුරුත්වය නෙවෙයි.
විශ්වයේ තියෙන ද්‍රව්‍ය වස්තුවල චලිතය පෙන්වන්න දැන් තියෙන ලෝක සම්මත විද්‍යාවෙන් යොදාගන්නේ ගුරුත්වාකර්ෂණ සහ ඉපිලුම් (Principle of Floatation) කියන නියම දෙක.
උදාහරණයක් විදිහට කළු ගල් කැටයක්, ජල බෝලයක්, හයිඩ්රජන් බෝලයක් කියන මේ තුන සමාන මට්ටමක තියාගෙන ජලාශයකට අතහරිනවා. දැන් හයිඩ්රජන් බෝලය උඩ යනවා. අනිත් දෙකම පහලට යනවා. පහලට ඇවිත් වතුර මට්ටමේ වදිනවත් එක්කම ජල බෝලය නතර වෙනවා. කළු ගල් කැටය ජලාශයේ පතුලටම යනවා.
දැන් මෙතනදි කළු ගල් කැටයේ සහ ජල බෝලයේ චලිතය විස්තර කරන්න ගුරුත්වාකර්ෂණ නියමයත්, හයිඩ්රජන් බෝලයේ චලිතය විස්තර කරන්න ඉපිලුම් නියමයත් කියන මේ දෙක තමයි අද විද්‍යාවෙන් යොදා ගන්නේ. හැබැයි මීට වඩා සර්ව සාධාරණ විශ්ව මූලධර්මයක් තියෙනවා ගති ආකර්ෂණ නියමය කියලා.
ඒ කියන්නේ සමාන ගතියට සමාන ගතිය ආකර්ෂණය වෙනවා. මේ උදාහරණයෙදි ඒ ගති ආකර්ෂණ මූලධර්මය ගත්තොත්, ඝණ ගතිය හොයාගෙන වතුරට වැටිච්ච ගල ජලාශයේ පතුලටම යනවා. ගතිය හමුවුනාම නතර වෙනවා. ජල බෝලය ජල මට්ටමේ වැදුනම අව්ශ්ය ගතිය ලැබුන නිසා එතැන නතර වෙනවා. හයිඩ්රජන් බෝලය උඩු අතට ගිහින් තමන්ගේ ඝණත්වයට සමාන ඝණත්වයක් උඩදි මුනගැහුනම එතැන නතරවෙනවා. එතකල් උඩටම ගමන් කරනවා.
දැන් මේ කියන ගති ආකර්ෂණ නියමය අර නියම දෙකට වඩා සර්ව සාධාරණයි. මොකද ඒ නියම දෙකෙන් සියල්ලම පහදන්න බෑ. ගුරුත්වාකර්ෂණ නියමයෙන් කළු ගල් කැටයේ සහ ජල බෝලයේ චලිතය විස්තර කළත් හයිඩ්රජන් බෝලයේ චලිතය විස්තර කරන්න බෑ. ඒ වගේම ඉපිලුම් නියමයෙන් හයිඩ්රජන් බෝලයේ චලිතය විස්තර කළාට අනිත් දෙකේ චලිතය විස්තර කරන්න බෑ. නමුත් මේ ගති ආක්ෂණ නියමයෙන් ඔය සියල්ලම පහදන්න පුළුවන්.
තමන්ට අයිති, තමන්ට සමාන ගතිය හමුවෙනකල් ගමන් කරල ඒ ගතිය හමුවුනාම එතැන නතරවෙනවා. ඇයි කළු ගල උඩට නොගියේ? ඒකේ ගතිය උඩ නෑ.
ඇයි හයිඩ්රජන් බෝලය පහලට නොගියේ? ඒකේ ගතිය පහල නෑ.
එතකොට මේ ගති ආකර්ෂණ නියමය බුදු දහමෙත් පෙන්වල තියෙනවා. බුදුන් වහන්සේ දස අකුසල කම්ම පථ සූත්‍රයේ පෙන්වල තියෙනවා, ප්‍රාණ ඝාත කරන අය ප්‍රාණ ඝාත කරන අයට එකතු වෙනවා, සොරකම් කරන අය සොරකම් කරන අයට එකතුවෙනවා … ආදී වශයෙන් දස අකුසල ගතිවලට සමාන ගති තියෙන අය එකට එකතුවෙනවා කියලා.
ගති ආකර්ෂණ නියමය කියන වචනය නැති වුනාට උන්වහන්සේ ඒ කාරණය තමයි මීට අවුරුදු 2600 කට කලින් සර්වඥතා ඥානයෙන් දැකලා විස්තර කරල තියෙන්නේ.
😂 හොදි එකතුවෙන්නේ හොදි තියෙන තැනට
දැන් මේ කාරණය අද සමාජයේ දකින්න තියෙන දෙයක්. සමාන ගති තියෙන අයට සමාන ගති තියෙන අය එකතුවෙනවා. දැන් අර සම්මත විද්‍යාවේ එන ගුරුත්වාකර්ෂණ හා ඉපිලුම් නියම දෙක අර වගේ භෞතික ද්‍රව්‍ය වස්තුවලට ගැලපුවට, මිනිස්සු අතර තියෙන ආකර්ෂණය ඒ දෙකෙන් විස්තර කරන්න පුළුවන් ද? බැහැ! හැබැයි මේ සියල්ල විස්තර කරන්න පුළුවන් මේ කියන ගති ආකර්ෂණ නියමයෙන්. ඒක විශ්ව සාධාරණ නියමයක්.
ඉහත උදාහරණයෙදි සම්මත විද්‍යාවේ එන නියම දෙක යොදාගන්නවට වඩා පූර්ණ විග්‍රහයක් මේ ගති ආකර්ෂණ නියමය යොදාගත්තම එනවා. ගුරුත්වාකර්ෂණ නියමය යොදාගත්තොත්, ඇයි ගල් කැටය විතරක් පහලට ගියේ කියල ප්‍රශ්ණයක් එනවා. එතකොට ඒ කාරණය විස්තර කරන්න ගති ආකර්ෂණ නියමය යොදා ගන්නම වෙනවා.
එතකොට මේ ගති ආකර්ෂණ නියමය කියන විශ්ව සාධාරණ මූලධර්මය තුල තියෙන කුඩා උප කුලක දෙකක් විතරයි ගුරුත්වාකර්ෂණ සහ ඉපිලුම් නියමය කියන්නෙ. ඒ නියමයන් දෙකෙන් සාමාන්‍ය දේවල් ටිකක් විග්රහ කළාට සත්වයින්ගේ ගති ආකර්ෂණය වගේ සංකීර්ණ දේවල් විස්තර කරන්න බෑ. ඒ නිස ඒක සීමා සහිතයි. හැබැයි ගති ආකර්ෂණ නියමය එහෙම සීමා කරන්න බෑ.
ඒක සර්ව සාධාරණයි — Flawless Victory!.
තෝරගන්න බැරිවුනාට එදා බුදු පියාණන් වහන්සේ ඒ කාරණය විස්තර කරල තියෙනවා.
ඊළඟට අපිට පෙනෙන සීමාවට එහා ගිය වර්ණාවලියක් තියෙන බව අද නවීන විද්‍යාවෙනුත් සොයාගෙන තියෙනවා. සාමාන්‍ය කැමරාව හරහාත් අපේ පියවි ඇසට නොපෙනෙන Infrared (IR) කිරණ — අධෝරක්ත කිරණ — දැක ගන්න පුළුවන්.
සරලවම එයින් පැහැදිලි වෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රියන්ගේ අඩුපාඩු සහ දෝස තියෙන බව. නමුත් අපිට නොපෙනෙන, නොඇසෙන සමහර දේවල් මේ ලෝකයේ ජීවත්වෙන වෙනත් ජීවීන්ට ගෝචර වෙනවා. උදාහරණ විදිහට කලින් සඳහන් කළා වගේ බල්ලන්ට බළලුන්ට අපට නොපෙනෙන දේවල් පේනවා, අපට නොඇසෙන දේවල් ඇහෙනවා. ඒ නිසා තමන්ට ගෝචර නොවූ පමණින් ඒවා නැති බව, අසත්‍ය බව පැවසීම කොච්චර සාධාරණ ද?
මේ අනුව භෞතිකවාදීන්, හේතුවාදීන් කියල හඳුන්වන අය ඉන්න තැන පැහැදිලි වෙනවා. ඔවුන්ව උළුප්පලා මේවා සඳහන් කරන්නේ ඔවුන්ගේත්, අනුගාමිකයන්ගේත් යහපතට. ඒ කියන්නේ ඒ අයත් සත්‍යයේ පිහිටුවීමේ අදහසින්. ඔවුන්ට ඔවුන්ගේ මත දරන්න අයිතිය තිබුණත්, ඒ පටු දැනුම භාවිතා කරලා අන්‍යයා නොමග යවනවා නම් ඒක ඉතා ඛේදජනකයි.
→ පිරිත්, සෙත් කවි, වස් කවි, ඇස්වහ, කටවහ, යන්ත්‍ර ආදිය බොරුද කියලා Part #2 වලින් බලමු.
Leave a Reply