කප් රුක් වැදීමේ ගාථා
සුදුම සුදුවත් රැසින් බබළන මහා චෛත්‍ය රාජයාණෙනි
කසාවත ඔබ වටා ඇතිවිට රනින් පලසක් පැළඳුවා වැනි
හිතේ ඇතිවන දැහැමි සිතුවිලි අපමණයි සම්බුදු පියාණෙනි
මෙපින් බලයෙන් නිවන් පැතුමට පිහිට වුන මැන බුදුපියාණෙනි
මෙවන් දසුනක් නෙත ගැටෙන්නට මගේ දෙනුවන් වාසනාවන්
බුදුහිමිගෙ ගුණ කඳ ගයන්නට මගේ මුවටද වාසනාවන්
දොහොත් මුදුනත් දී වඳින්නට මගේ දෑතම වාසනාවන්
කප් රුකක් පුජා කරන්නට සසරේ කල පින් වාසනාවන්
මෙවන් බලයෙන් අප සැමගෙ සිත් කෙලෙස් මරුගෙන් අත් මිදේවා
මෙවන් බලයෙන් අපගෙ කය නිරෝගී වී සුවපත්ම වේවා
මෙවන් බලයෙන් අපගෙ වචනද සදාකල්හිම දැහැමි වේවා
මෙපින් බලයෙන් සසර දුක් නැති නිවන් පුරයේ දොර ඇරේවා