Karaniya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය
කරණීය මත්ථ කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූච සූජූච
සුවචෝ චස්ස මුදු අනතිමානී
සන්තුස්සකෝ ච සුභරෝච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
සන්තින්ද්‍රියෝ ච නිපකෝච
අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ
නච බුද්ධං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං
සුඛිනෝවා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
යේ කේචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්ස කාණුකථූලා
දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේච දූරේ වසන්ති අවිදුරේ
භූතා වා සම්භවේසීවා
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා
නපරෝ පරං නිකුබ්බේථ
නාති මඤ්ඤේත කත්ථ චිනං කඤ්චි
බ්‍යාරෝසනා පටිග සංඥා
ඤාඤ්ඥ මඤ්ඥස්ස දුක්ක මිච්චෙයිය
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු
මානසං භාවයේ අපරිමාණං
මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවේරං අස පත්තං
තිට්ඨං චරං නිසින්නෝවා
සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්ය
බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු
දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගෙධං
නහි ජාතු ගේධං ගබ්භ සෙය්‍යං පුණරේතීතී
Karaneeya Metta Sutra Sinhala Meaning
කරණීයමෙත්ථ කුසලේනයංතං සන්තං පදං අභිසමෙච්ච |
– ඒ ශාන්ත පද නම් වු නිවනට පත් වීමට රාග, ද්වේශ, මෝහ සලා හැරීම හෙවත් ක්ෂය කිරීම කෙසේ කළ යුතුද? ( “කු ” යන පහත් දේවල් සලාහැරීම කුසල්ය. ) |
සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි |
– සකස් වු වැඩ පිළිවෙලක් යටතේ අවංකවත්, නිවන මුලිකවත්, සුව ගෙන දෙන වචනවලින් සහ මෘදු බවින් යුක්තවත්, අතිමානයෙන් තොරවත් ක්‍රියා කළ් යුතුය. |
සන්තුස්සකෝ ච සුභරෝච අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති |
– නිවන් මග දැක සතුටු සිතින් ධර්මයට අනුකූල වු දේ පමණක් දරමින් රාග, ද්වේශ, මෝහ නිසා සිදුකරන අසීමිත කටයුතු අතහැර, නිවන සඳහා උපකාර වන්නා වු අල්ප වු ක්‍රියාවන් හි පමණක් යෙදෙමින් පාප ධර්ම සලාහරින්නා වු සැහැල්ලු කටයුතුවල පමණක් නිරත විය යුතුය. |
සන්තින්ද්‍රියෝ ච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ |
– ඉන්ද්‍රීය භාවනාවෙන් සන්සුන් කරන ලද ඉඳුරන් ඇතිව, මතු අත්භවයක් ගොඩනගන්නා වු කටයුතුවල නොයෙදෙමින්, ධර්මයට අනුකූලව නිවනට අවශ්‍ය වු අල්ප දෙයක්ම ගැබ්කර ගනිමින් ලෝකයට අනුකූල කටයුතුවලින් නික්මී සිටිය යුතුය. |
නච බුද්ධං සමාචරේ කිඤ්චියේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං |
– පෙර බුදුවරුන් පෙන්වා දෙන ලද සතර අපාගත වන්නා වු අසමාචාර ක්‍රියාවන්ගෙන් වෙන් විය යුතුය. |
සුඛිනෝවා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා |
– මේ සියලු සත්ත්වයෝ සතර අපා දුක් කෙළවර සුවය ඇත්තා වු ද, භයෙන් තොර වු ද, ක්ෂේමය හෙවත් නිවනට පත් වෙත්වා. |
යේ කේචි පාණ භූතත්ථිතසා වා ථාවරා වා අනවසේසා |
– පංච කාමයන් පානය කරන බැවින් ප්‍රාණීන් වු ද, එහි ඵලය භුක්ති විඳිමින් බොරුවෙන් ගොඩනැගීම නිසා භූත වු ද පංච කාමයන්ගෙන් නොඅඩුව සතුටට පත් වෙමින් ඇලෙමින් කටයුතු කරන යම් කෙනෙකුගේ. |
දීඝා වා යේ මහන්තා වාමජ්ඣිමා රස්ස කාණුකථූලා |
– සසර ගමන දිගය. ඒ නිසාම ඔවුහු සසර ගමන මහත් සේ අල්ලා ගනිති. සසර ඔවුන්ගේ මාධ්‍යය හෙවත් ගමන් මග වන බැවින් ඔවුන්ගේ නුවණ මොට වී ශුද්‍ර බවට පත්වී පංච කාමයන් පසුපස යමින් තැවි තැවී සිටින්නේය. |
දිට්ඨා වා යේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදුරේ |
– මුලාවෙන් දෘෂ්ටිගත වීම නිසා මිත්‍යාදෘෂ්ටික වුද, ඒ නිසාම නිවන් මාර්ගය නොපෙනෙන්නා වුද, නිවන දුරස් වු ද ඔවුහු අවිද්‍යා අන්ධකාරයේ වාසය කරන්නෝය. |
භූතා වා සම්භවේසීවා සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා |
– බොරුවෙන් හටගත් නිසා භූතයන් වු ද භවය සමග එකතු වී වාසය කරන්නා වු ද සියලු ලෝක සත්ත්වයන් හට නිවන් සුවයේ අර්ථය වැටහේවා. |
නපරෝ පරං නිකුබ්බේථ නාති මඤ්ඤේත කත්ථ චිනං කඤ්චි |
– එකෙක් තවකෙකු රාග, ද්වේශ, මෝහ ක්‍රියාවන්ට ඇද දමන්නා වු කුබ්බැහිකම් හෙවත් පහත් ක්‍රියාවන් නොකරත්වා. ඔවුනොවුනට අවැඩ නොකරත්වා. |
බ්‍යාරෝසනා පටිග සංඥා ඤාඤ්ඥ මඤ්ඥස්ස දුක්ක මිච්චෙයිය |
– රොස් බව හෙවත් කෝපයෙන් ගැටුම් ඇතිකොට කෙනෙක් තවකෙකු දුකට පත් කිරීමට කැමති නොවෙත්වා. |
මාතා යථා නියං පුත්තංආයුසා ඒක පුත්ත මනුරක්ඛේ |
– අමා මෑණියන් වහන්සේ තම එකම පුත්‍රයා වන රහතන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් අනුරක්ෂණය කළ සේක. |
ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං |
– එසේම භවයෙහි සැරිසරන මුලා වු සත්ත්වයින් හට ඒ අප්‍රමාණ වු මානසංභාවයේ හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රැකවරණය වේවා. |
මෙත්තං ච සබ්බ ලෝකස්මිං මානසං භවයේ අපරිමාණං |
– සියලු ලෝක සත්ත්වයින් හට ඒ අප්‍රමාණ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ රැකවරණය වේවා යනුවෙන් මෙත් වැඩිය යුතුය. |
උද්ධං අධෝ ච තිරියඤ්ච අසම්බාධං අවේරං අස පත්තං |
-උඩ යට වට කිසිවෙකුගෙන් කිසිම සම්බාධකයක් නොවේවා. වෛරයක් නොවේවා. සාපයක් නොවේවා. |
තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ |
– සිටගෙන, ඇවිදිමින්, ඉඳගෙන, සයනයෙහි වැතිරගෙන යන සතර ඉරියව් තුළ මමත්වයෙන් මිදී ( ම + ඉද්ධ = මිද්ධ ) |
ඒතං සතිං අධිට්ඨෙය්ය බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු |
– චතුරාර්ය සත්‍යය තුළ සිත පිහිටුවාගෙන බුදු පියාණන් වහන්සේලා වාසය කළා වු බ්‍රහ්ම විහරණයෙන් වාසය කළ යුතුය. |
දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ |
– මුලා සහගත වු දෘෂ්ටියකට පත් නොවී, ආර්ය වු සීල ගුණයෙන් යුක්තව සද්ධර්මය දර්ශනය කොට |
කාමේසු විනෙය්‍ය ගෙධං නහි ජාතු ගේධං ගබ්භ සෙය්‍යං පුණරේතී තී |
– කාමයන් නැමති මඩෙන් වෙන්වුයේ නම් නැවත නැවතත් ගර්භා වාසයක නො ඉපදෙනු ඇත. |