Nawagraha Shanthiya | නවග්‍රහ ශාන්තිය
නව අරහාදී බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ බලයෙන් නවග්‍රහ අපල දුරුවෙන්න මේ ගාථා දිනපතා කියන්න. බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ අනන්තයි, ඒ අනන්ත බලයෙන්, ඒ ගැන ඔයාට තියෙන අවබෝධයේ ප්‍රමාණයට මේ ගාථා වලින් අපල දුරුවෙන හැටි ඔයාටම බලාගන්න පුළුවන්.
අරහං බුදු ගුණෙන් අපේ හිරුගෙ අපල දුරුවේවා
ලෙඩදුක් බිය නොවී කිසිත් සැපත සතුට ලංවේවා
සම්මා සම්බුද්ධ තෙදින් සඳුගෙ අපල දුරුවේවා
මාරක බාධක වැලකී අපේ පැතුම් ඉටුවේවා
විජ්ජාචරණේ බලයෙන් අඟහරු දොස් දුරුවේවා
වසවිස ගිනි සතුරු විපත් අප වෙත ළං නොමවේවා
සුගතෝ බුදු ගුණෙන් අපේ බුධගෙ අපල දුරුවේවා
ගුණ නුවණින් වැඩී සියළු සැප සම්පත් ඉතිරේවා
ලෝකවිදූ තෙදින් අපේ ගුරුගෙ දෝස දුරුවේවා
සතුට සමාදානය අපට නිරෝගි සුව වැඩිවේවා
අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරුවේවා
සිතුමිණ වැනි රුවන් ගැබක ආයුෂ අපගේ වැඩිවේවා
පුරිසදම්ම සාර්ථි බල මහිමෙන් සැඩ සෙනසුරාගෙ
අපල විකල භූත දෝස ගැටුම් වැටුම් හා කොඩිවින
දුරැර සියළු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක
ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරුවේවා
සත්ථා බුදු ගුණෙන් අපේ රාහු අපල දුරුවේවා
යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැතිවේවා
භගවා යන විදුරවියෙන් කේතු අපල ඉගිලේවා
අපේ කයට බසට සිතට සැප සන්තොස වැඩිවේවා
මකර කුම්භ මිථුන තෙරැස මාරක බිය දුරුවේවා
කැපී කෝටියක්ම දෝස අපට ජය මග හෙළිවේවා
සිංහ මේෂ ධනු තුන් රැස බාධක බිය දුරුවේවා
තිසරණ සරණින් ජයසිරි සුබසෙත අපට ළංවේවා
මීන කටක නුහුනු තෙරැස බාධක බිය දුරුවේවා
ජීව සිද්ධි බලය අපේ බුදු සරණින් දුරුවේවා
වෘෂභ කන්‍ය තුලා තෙරැස හැම ග්‍රහ දොස් දුරුවේවා
දම් සරණින් අපේ අපල දුරුවී සිරි සෙතවේවා
රාහු කේතු රවි සඳු කුජ බුධ කිවි සහ සෙනසුරු
නීච පාප අපල අපේ සඟ සරණින් දුරුවේවා
තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් අපට සැපවේවා
අපේ ගෙදර අයට මටද ජය සිරිසෙත ළංවේවා
නවග්‍රහ සහ භූත දෝෂ සැම දුරුවී සැපවේවා
ජය බෝ රුක මුනි පිටදුන් අපට ජය සේසත වේවා
ජය සිරි මා බෝ රහුගේ දක්ෂිණ ශාඛා සෙවනේ
දීප දූප මල් සුවඳින් ගිලන්පසින් පුද දෙමිනේ
දහස් දෙනා එක් රොක් වී කරන මෙපින් මෙත් සිතිනේ
මිය ගිය අප නෑ මිතුරන් සැම දෙන පින් ලැබ ගන්නේ
araha\n budhu guNen apea hiruge apala dhuruveavaa
ledadhuk biya novii kisith sApatha sathuta la\nveavaa
sammaa sambudhDha thedhin sanndhuge apala dhuruveavaa
maaraka baaDhaka vAlakii apea pAthum ituveavaa
vijjaacharaNea balayen anngaharu dhos dhuruveavaa
vasavisa gini sathuru vipath apa vetha La\n nomaveavaa
sugathoe budhu guNen apea buDhage apala dhuruveavaa
guNa nuvaNin vAdii siyaLu sApa sampath ithireavaa
loekavidhuu thedhin apea guruge dhoesa dhuruveavaa
sathuta samaadhaanaya apata niroegi suva vAdiveavaa
anuththaroe budhu guNayen sikuru apala dhuruveavaa
sithumiNa vAni ruvan gAbaka aayuSha apagea vAdiveavaa
purisadhamma saarThi bala mahimen sAda senasuraage
apala vikala bhuutha dhoesa gAtum vAtum haa kodivina
dhurAra siyaLu mekii dhoeSha vilasa saadhu jaya boeruka
jina pa\njarayak veavaa senasuru dhos dhuruveavaa
sathThaa budhu guNen apea raahu apala dhuruveavaa
yakSha preatha vina banDhana ahoesi vii nAthiveavaa
bhagavaa yana vidhuraviyen keathu apala igileavaa
apea kayata basata sithata sApa santhosa vAdiveavaa
makara kumbha miThuna therAsa maaraka biya dhuruveavaa
kApii koetiyakma dhoesa apata jaya maga heLiveavaa
si\nha meaSha Dhanu thun rAsa baaDhaka biya dhuruveavaa
thisaraNa saraNin jayasiri subasetha apata La\nveavaa
miina kataka nuhunu therAsa baaDhaka biya dhuruveavaa
jiiva sidhDhi balaya apea budhu saraNin dhuruveavaa
vruShabha kan\ya thulaa therAsa hAma graha dhos dhuruveavaa
dham saraNin apea apala dhuruvii siri sethaveavaa
raahu keathu ravi sanndhu kuja buDha kivi saha senasuru
niicha paapa apala apea sannga saraNin dhuruveavaa
theruvan guNa suvanndha amaa osuven apata sApaveavaa
apea gedhara ayata matadha jaya sirisetha La\nveavaa
navagraha saha bhuutha dhoeSha sAma dhuruvii sApaveavaa
jaya boe ruka muni pitadhun apata jaya seasatha veavaa
jaya siri maa boe rahugea dhakShiNa shaaKaa sevanea
dhiipa dhuupa mal suvanndhin gilanpasin pudha dheminea
dhahas dhenaa ek rok vii karana mepin meth sithinea
miya giya apa nae mithuran sAma dhena pin lAba gannea