අභිසම්භිධාන සෙත් පිරිත
අතිශය බලගතු මහා අභිසම්භිධාන පිරිත පහළින් ශ්‍රවණය කරන්න.
▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න!
🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏
ඔයාගේ මුළු Astral Body එකත් සමඟම දෝංකාර දෙන, ඉතා පැරණි බෞද්ධ සජ්ඣායනයක් වන අභිසම්භිධාන පිරිතෙහි සිත් ඇදගන්නා සුළු ලෝකයට පිවිසෙන්න. මේ පූජනීය පිරිත සමඟින් සම්බන්ධ වන අයගේ ජීවිතය පෝෂණය කිරීමට හා නඟා සිටුවීමට අතිමහත් බලයක් මෙයට ඇත.
ශ්‍රී ලංකාවෙන් ආරම්භවුන අබිසම්භිදාන පිරිත කියන්නේ ආශිර්වාදය, ආරක්ෂාව හා ආධ්‍යාත්මික යහ පැවැත්ම ළඟා කරගැනීමේ මාධ්‍යයක් ලෙස වැඩිපුරම බෞද්ධයින් විසින් පාවිච්චි කරන ගාථා හා ආශිර්වාද එකතුවකි.
උච්චාරණය
A Quick Glance
අභිසම්භිධාන පිරිත (Abisambidana Piritha) | |
---|---|
වර්ගය | සෙත් පිරිත් |
ආරම්භය | ශ්‍රී ලංකාව |
විස්තරය | සම්බුද්ධ සාසනයේ අනන්ත බල මහිමයෙන් ලෙඩරෝග හා ග්‍රහ දෝෂවලින් එන බලපෑමෙන් ආරක්ෂාවීමට. |
භාෂාව | පාළි හා සිංහළ |
කතෘ | නොදනී |
පුද්ගලයන් |
|
ස්ථානය | නැහැ |
ත්‍රිපිටකයේ? | නැහැ |
පිරුවානා පොතේ? | ඔව් |
අක්ෂර ගණන | Counting |
මාර්ග ඵල ලැබීම් | නැහැ |
ඉලක්ක කළ හැකිද? | ඔව් |
Versions | 3 |
පිරිතේ ප්රතිලාභ |
|
භාවිතය |
|
භාවිතා කරන විදිහ |
|
කියවන්න යන කාලය |
|
අහන්න අභිසම්භිධාන පිරිත X වාරයක්
ඔයාට මේ පිරිත අහන්න ඕන වාර ගාන පහළින් තෝරන්න. වාර ගාන අනුව හැදෙන බලයත් තීරණය වෙනවා.Abisambidana Piritha Lyrics In Sinhala
අභිසම්භිධාන පිරිත — Abisambidana Piritha — කියන්නේ අතිශය මහ බලගතු පිරිතක්. නමුත් මේ වෙනකොට මේ පිරිතෙත් අපිට Versions 3-4ක් ලැබිලා තියෙනවා, ඒත් කොයි එකද බලගතුම එක කියලා අපිට තවම හොයාගන්න බැරිවුනා.
මේ තියෙන්නේ දැනට අපි පාවිච්චිකරන Version එකේ සිංහල පද ටික.
නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ අංගුලිමාල මහා ථේරෝ මහා වීරෝ මහා බලෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සීවලී ච මහා ථේරෝ මහා කායෝ මහා ලාභී යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සත්තතිංස බෝධිපක්ඛියා ධම්මා, චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ ඉද්ධිපාදා, චත්තාරෝ සම්මප්පධානා, පංචින්ද්රියානි, පංචබලානි, සත්තබොජ්ජ්ංගානි, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ,
බුද්ධ මන්තං ච මන්තං
ධම්ම මන්තං ච මන්තං
සංඝ මන්තං ච මන්තං
තුම්හාකං සබ්බරෝග සබ්බදෝස සබ්බන්තරායා විනස්සන්තු විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
💡 කොහොමද මේ පිරිත Target කරන්නේ?
- තමන් ඇතුළුව අනුන්ටත් සෙත් කරන්න මේ තියෙන විදිහටම කියන්න.
- තමන්ව විතරක් Target කරන්න ඕන නම් “තුම්හාකං” කියන වචනය “අම්හාකං” කියලා වෙනස් කරලා කියන්න.
- පිරිමි කෙනෙක්ගේ නම Target කරන්න ඕන නම් “තුම්හාකං” කියන වචනය “[සම්පූර්ණ නම] නාමස්ස” කියලා වෙනස් කරලා කියන්න.
- ගැහැණු කෙනෙක්ගේ නම Target කරන්න ඕන නම් “තුම්හාකං” කියන වචනය “[සම්පූර්ණ නම] නාමිකාය” කියලා වෙනස් කරලා කියන්න.
Alternate Version #1
නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සාරිපුත්ත මහ මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ අංගුලිමාල මහා ථේරෝ මහා බලවිසේසෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සීවලී මහා ථේරෝ මහා බලවිසේසෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සත්තිංස බෝධිපක්ඛිඛෝ, චත්තාරෝ ධම්මා සතිපට්ඨානා, චත්තාරෝ ඉද්ධිපාදා, චත්තාරෝ සම්මප්පධානි, චත්තාරෝ අරියසච්චානි, පංචින්ද්රියානි, පංචබලානි, සප්තබොජ්ජ්ංගානි, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ,
බුද්ධ මන්තං ච මන්තං, ධම්ම මන්තං ච මන්තං, සංඝ මන්තං ච මන්තං
ඉමං ආතුරස්ස සබ්බරෝග සබ්බදෝස සබ්බන්තරායා විනස්සන්තු විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
Alternate Version #2
නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ ආනන්ද ථේරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ කස්සප මහා ථේරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සීවලී මහා ථේරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ අංගුලිමාල මහා ථේරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
නමෝ සත්තතිංස බෝධිපක්ඛියා ධම්මා, චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ ඉද්ධිපාදා, චත්තාරෝ සම්මප්පධානා, චත්තාරි අරියසච්චානි, පංචින්ද්රියානි, පංචබලානි, සත්තබොජ්ජ්ංගානි, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ,
බුද්ධ මන්තං ච මන්තං
ධම්ම මන්තං ච මන්තං
සංඝ මන්තං ච මන්තං
තුම්හාකං සබ්බරෝගා සබ්බදෝසා සබ්බන්තරායා විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහඃ
Abisambidana Piritha Meaning In Sinhala
පිරිතකින් ගොඩනැගෙන බලය කොච්චර ප්‍රමාණයක්ද කියන එක තීරණය වෙන්න පිරිත කියන කෙනාට ඒ ගැන තියෙන අවබෝධය වගේ පිරිතේ තේරුම දැනගන්න එකත් ගොඩක් වැදගත්. ඔන්න එහෙනම් අභිසම්භිධාන පිරිතේ සිංහළ තේරුම!
⚠️මතක තියාගන්න: පාලි භාෂාවෙන් තියෙන පද වෙනුවට මේ සිංහළ වචන ටික කියලා පිරිත කිව්වා කියලා හිතාගන්න එපා. ඒ ඇයි කියලා මෙතනින් දැනගන්න.
අභිසම්භිධානයට — ගැඹුරු ප්‍රඥාව හා තීක්ෂණ බුද්ධියට — නමස්කාර වේවා.
සම්මා සම්බුද්ධත්වයට නමස්කාර වේවා.
පසේ බුද්ධත්වයට නමස්කාර වේවා.
සැරියුත්, මුගලන් මහා අරිහතුන් වහන්සේලාට නමස්කාර වේවා.
මහා වීරත්වයක් හා මහා බලයක් ඇති අංගුලිමාල මහරහතන් වහන්සේට නමස්කාර වේවා.
මහා කයක් හා මහා ලැබීමක් ඇති සීවලී මහරහතන් වහන්සේට නමස්කාර වේවා.
සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලට, [කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා] නම් වූ සතර සතිපට්ඨානයට, [ඡන්ද, චිත්ත, විරිය, විමංසා] නම් වූ සතර සෘද්ධිපාදවලට, සතර සම්ප්‍රදානවලට, [සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා] නම් වූ පංච ඉන්ද්‍රීය ධර්මවලට, පංච බලවලට, [සති, ධම්මවිචය, විරිය, ප්‍රිතී, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා] නම් වූ සප්ත බොජ්ජංගවලට, [සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි] නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට නමස්කාර වේවා.
බුද්ධ මන්තරය මතුරා ඇත.
ධම්ම මන්තරය මතුරා ඇත.
සංඝ මන්තරය මතුරා ඇත.
මෙහි ආනුභාවයෙන් අපගේ සියලු රෝග, සියලු දෝෂ, සියලු අන්තරා විනාශවේවා! විනාශවේවා!
හොයමු, හොයමු ගැඹුරටම!
මං හිතන්නේ ඔයාට දැන් මේ සෙත් පිරිත ගැන ප්‍රශ්ණ ඇති. ඒ නිසා, අපි පහළ තියෙන QnA එකෙන් බලමු මේ බලගතු පුරාණ පිරිත ගැන වැඩි විස්තර.
1. මොකක්ද අභිසම්භිධාන පිරිත කියන්නේ?
අභිසම්භිධාන පිරිත — අබිසම්භිදාන, අභිසම්බිදාන කියලත් හඳුන්වනවා — කියන්නේ ථේරවාදී බුද්ධාගමේ පාලි භාෂාවෙන් ලියවුන පෞරාණික පිරිතකි. අභිසම්භිධානය කියන්නේ ගැඹුරු ප්‍රඥාවට, මහා තීක්ෂණ බුද්ධියට. එතකොට පිරිත කියන්නේ හතරවටින්ම ආරක්ෂාව කියන එකට. පිරිතකින් කරන්නේ උත්තරීතර සම්බුද්ධ සාසනයේ තියෙන අනන්ත ගුණ බලයෙන් ආරක්ෂාව, දියුණුව ප්‍රාර්ථනා කිරීමයි.
2. අභිසම්භිධාන පිරිතෙන් මොනවද කරන්න පුළුවන්?
ග්‍රහ දෝෂ, යක්ෂ දෝෂ හා සුව කළ නොහැකි රෝග වලින් ආරක්ෂාව අභිසම්භිධාන පිරිතෙන් ලබාගත හැකි ප්‍රධාන ප්‍රයෝජන විදිහට කියන්න පුළුවන්. ඊට අමතරව තවත් බොහෝ අනිසංස මේ පිරිතෙන් ලැබෙනවා.
3. මම කොහොමද අභිසම්භිධාන පිරිත පාවිච්චි කරන්නේ?
වෙනත් ඕනම බෞද්ධ සජ්ඣායනයක වගේම, අභිසම්භිධාන පිරිත පාවිච්චි කරන්න පටන්ගන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා. ඒත් මෙන්න ලේසි ක්‍රම 5ක්.
→ ඒක හිතින් කියවන්න.
→ ඒක සද්දෙට ඇහෙන්න කියන්න.
→ Recording ඒකක් අහගන ඉන්න.
→ බුදුන් වඳින වෙලාවෙදි කියන ගාථාවක් විදිහට.
→ පිරිත් සජ්ඣායනා උත්සවයක පිරිතක් විදිහට.
4. කොහොමද මේ සෙත් පිරිත් කියන ඒවායෙන් වැඩක්වෙන්නේ?
ගොඩක් අය සෙත් පිරිත් වලින් ලැබෙනවයි කියන ප්‍රයෝජන, ආනිසංස, ජයග්‍රහණ ලැබෙනවා කියලා විශ්වාස නොකරන එක පුදුමයක් නෙවෙයි. මේ පූජනීය ගාථාවන් වල පුදුම විද්‍යාවක් තියෙනවා. ශබ්ද කම්පන, තේරුම අවබෝධ වීම, ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ දැකීම, හිතන දේ අනුව-ඒකේ වර්ගය අනුව බලය හැදෙන විදිහ … ඒ හැම දෙයක්ම සෙත් පිරිතක් ක්‍රියාත්මක වෙන ආකාරයට බලපානවා.
5. මම කොයි වෙලාවටද අභිසම්භිධාන පිරිත කියන්න ඕනා?
සාමාන්‍ය පරිහරණය කරන්නෙකුට අභිසම්භිධාන පිරිත සජ්ඣායනා කිරීමෙදි වඩාත්ම කාර්යක්ෂම හා ඵලදායි ක්‍රමය තමයි හැමදාම උදේ, හවස සජ්ඣායනා කරන එක. ඔයාට පුළුවන් උදේම Wash එකක් දාලා දවසේ වැඩ පටන්ගන්න කලින් මේ පිරිත කියන්න. එහෙම නැත්නම් දවසේ වැඩ ඉවර කරලා හවස බුදුන් වඳින වෙලාවෙදි කියන්න පුළුවන්.
කියන්න කියලා විශේෂ වෙලාවක් නෑ. ඔයාගේ විදිහට, ඔයා කැමති පහසු වෙලාවක කරන්න. හැබැයි හැම පදයක්ම, වචනයක්ම හරියට ශබ්ද කරන්න ඕනා, ශබ්ද විද්‍යාවට අනුකූලව.
6. කොහෙන්ද මට නිවැරදිම අක්ෂර/උච්චාරණය තියෙන අභිසම්භිධාන පිරිත හොයාගන්න පුළුවන්?
අභිසම්භිධාන පිරිතෙහි Magical, ඒත් සැබෑ ප්‍රථිපල අත්කරගන්න පුළුවන් වෙන්නෙ නිරවද්‍යතාවය මත තමයි. ඔයා සවන්දෙන හරි සජ්ඣායනා කරන හරි පිරිතේ Version එකේ වචන නිවැරදිවෙන්න ඕනා. උච්චාරණය ශබ්ද විද්‍යාවට ගැළපෙන විදිහට තියෙන්න ඕනා වගේම ඔයා තේරුම්ගන්න අර්ථයත් නිවැරදිවෙන්න ඕනා.
වෙනත් තැන්වල වගේ නෙවෙයි, BuddhismVision එකේ අපි ඔයාට ගොඩක්ම නිවැරදි අභිසම්භිධාන පිරිතේ පද රචනය, Version එක හා නිවැරදි උච්චාරණය ශබ්ද විද්‍යානුකූලව සහිත Recording එක අරගන එන්න ලොකු ආයාසයක් දරනවා.
7. මේ පිරිත වෙනත් ආගමක කෙනෙකුටත් අහන්න පුළුවන්ද?
බෞද්ධ සෙත් පිරිත් වැඩිපුරම සජ්ඣායනා කරන්නේ ථේරවාද බුද්ධාගමේ භික්ෂූන් වහන්සේලා හා ගිහියන් — නිවන් යන්න Actively වැඩ නොකරන සාමාන්‍ය අය — තම තමන්ගේ කරදර මඟහරව ගන්න වගේම සෞභාග්‍යය උදාකරගන්න. කොහොමවුනත් මේ ගාථා බෞද්ධ කට්ටියට විතරක් සීමා කරලා නැහැ. වෙනත් ආගමක් අදහන හෝ කිසිම ආගමක් නැති කෙනෙකුට වුනත් මේ පුරාණ පිරිත් හා ගාථා වලින් ප්‍රයෝජන අරගන කරදර වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා.